Posted on 09.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (06) දහවල් 12.00ට කැදවා ඇත.
ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම කැබිනට් රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුන අනුමත කර ගැනීම සිදුවනු ඇත. ඒ අනුව මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා ආඥා පනත සංශෝධන කෙටුම්පත යන පනත් තුන අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත. කැබිනට් මණ්ඩලයේ දී අදාළ පනත් කෙටුම්පත් තුන අනුමත කර ගැනීමෙන් පසුව අද හෙටම ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර මීළඟ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඒවා සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා සම්මත කෙරුණු නමුත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තවත් පනත් කෙටුම්පත් තුනක් සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබිණි.