Posted on 02.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලය විසින් ගෙන දුන් හවුල් ආණ්ඩුවේ අර්බුදයට සමාන්තරව කැබිනට් මණ්ඩල සංශෝධනය කල්දමන්නට සිදුව ඇති බව පෙනෙන්නට තිබේ.
පසුගිය සතියේ සිදුකරන්නට නියමිත වූ ඇමති මණ්ඩල සංශෝධනය ඉන් පසුව අගහරුවාටද පසුව බදාදාටද කල්තබන ලදී. පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වූ දේශපාලන අර්බුදය හේතුවෙන් ඇමති මණ්ඩල වෙනසක් ඉක්මනින් අවශ්‍ය බවට අදහසක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. අගමැතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක්ද සළකා බලමින් ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. කෙසේවෙතත් එම අදහසද ආපස්සට ගෙන නව තත්වයන් තුළ අගමැතිවරයා ඉවත් නොකර ඇමති පුටු වෙනසකින් දේශපාලන අර්බුදය පියමං කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනී යයි. මතභේදයට හා විශේෂයෙන් ජනතා කෝපයට ලක්ව ඇති අමැතිවරුන්ගේ තනතුරු වෙනස් කරමින් විරෝධය සමනය කරන්නට හැකි වෙතැයි ආණ්ඩුව ගණන් බලා ඇත.
ඒ අනුව සිදුකරන බවට ප්‍රකාශ කළ ඇමති මණ්ඩල වෙනස්කම් ඉරිදා(25) පෙරවරුවේ සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් අමාත්‍යධූර කිහිපයක් වෙනස් වන්නට නියමිත බව සහ සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය හිමි වීමට නියමිත බවද වාර්තා පළ විය. එහිදී කියැවුණේ අමාත්‍ය කබීර් හෂීම්ගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යධූරය වැඩි වශයෙන් ජනතා අප්‍රසාදයට ලක් වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට හා ඔහු විසින් දැරූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යධූරය කබීර් හෂිම්ට ලබා දීමට නියමිතය. මේ අතර මුදල් අමාත්‍යාංශයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් දරණ ධූරයන් වෙනස් වීමක් තවමත් සිදු නොකර මෙම කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි.