Posted on 03.04.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා අප්‍රසාදය හා රාජපක්ෂ කල්ලියේ ඡන්ද වර්ධනය නිසා හවුල් අාණ්ඩුව මුහුණ දී අැති දේශපාලන අර්බුදයෙන් ගැලවෙන්නට රනිල්-ෙමෙත්‍රි දෙදෙනා අැමති මණ්ඩල සංශෝධනයක් හරහා උත්සාහ ගත්තද වෙනත් පාර්ශ්වකරුවන් ඊට ප්‍රසිද්ධියේ විරෝධය පළ කරමින් සිටී.
මෙම තාවකාලික පැලැස්තරවලින් ප්‍රශ්නය යටපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරමින් චම්පික රණවක අැමතිවරයා ප්‍රකාශ කරන්නේ එජාප හා ශ්‍රීලනිප ප‍්‍රගතිශීලී ඉදිරි ගමන දකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් සමඟ එක්වී නව වැඩපිළිවෙළකට යාමට තමන් සූදානම් වන බවයි. මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ කොළඹ නිදහස් චතුරස‍්‍ර ආකේඞ් පරිශ‍්‍රයේදී පැවති ‘චීන අලූත් අවුරුදු’ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. ඔහු පවසා අැත්තේ ආණ්ඩුවේ වෙනස්කිරීම් කරන්නට කොණ්ඩා මෝස්තර වෙනස් කර, මේකප් දමා හෝ ප්ලාස්ටික් සැත්කමක් කර පළක් නැති බවත්, වහාම කළ යුතු වන්නේ ජාන සැත්කමක් බවත්ය. ඒවැනි විශේෂ ජාන සැත්කමකින් තොරව එක්සත් ජාතික පක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හවුල් අාණ්ඩුවට ඉදිරියට යා නොහැකි බව ද චම්පික රණවක අැමතිවරයා ප්‍රකාශ කර තිබිණී. ආණ්ඩුවේ සැබෑ වෙනසක් සිදුවිය යුතු යැයි අපේකෂාවෙන් මාස 18ක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙන බව ද ඔහු ඒහිදී කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ අැමතිවරයා මෙසේ කියා තිබෙන බව ජනමාධ්‍ය විසින් වාර්තා කරණ ලදී.
‘‘අද රටට අලුත් දේශපාලන න්‍යාය පත‍්‍රයක් අත්‍යාවශ්‍ය වී තිබෙනවා. වෙනස් කිරීමක් කරනවා කියලා කොණ්ඩ මෝස්තරය මාරු කරලා ඒහෙම නැත්නම් පවුඩර් දාලා හරියන්නෑ. මේකප් කරල වැඩකුත් නෑ, ප්ලාස්ටික් සර්ජරි කරලා හරියන්නේත් නැහැ. අැත්තටම දැන් ඕනෑ ජාන සැත්කමක්. ජාන සැත්කමකින් මෙහා මේ සන්ධානයට ඉදිරියට යන්න බැහැ. අපි ඒ දේ කරනවා. රජයේ වෙනස්කම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ් නිසා මාස 18ක ජාතික වැඩපිළිවෙලක් එජාප හා ශ්‍රීලනිප ප‍්‍රගතිශීලී ඉදිරි ගමන දකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් සමඟ එකතු වෙලා අපි ඉදිරියේදී ක්‍රියාමාර්ගවලට එනවා. ඒ් වගේම ඉදිරි ජනාධිපතිවරණයත් විජයග‍්‍රහණය කර රට ඉදිරියට ගෙනියන්න වැඩකටයුතු කරනවා. හැබැයි පවුල්වාදී, බලකාමී, නූගත් බලවේගවලට නැවත මේ රටේ බලය ලබාගන්න අපි ඉඩදෙන්නේ නැහැ.’’
චම්පික අැමතිවරයා සිය දේශපාලන ඉකිහාසයේම සිදුකර අැති ඒක් ඒක් බලවේගවලට මුක්කු ගැසීමෙන් තම දේශපාලන ගමනක් යාමේ අභිප්‍රාය මෙහිදීද පෙන්නුම්කර අැත. දේශපාලනය යනු පුද්ගල ක්‍රියාමාර්ගයක් නොව, සමාජ ක්‍රියාදාමයක් බව පිළිගන්නට ඔහු අකැමැති බව නැවත වරක් සනාථ කරමින් සිටී. ඒ් නිසාම සමාජ චලනයන් සිය පුද්ගල අභිප්‍රායයන් සදහා උපයෝගී ගන්නට තැත්කරන ධනපති දේශපාලකයන් සිදුකර ගෙන යන ක්‍රියාමාර්ගවලින් වත්මන් සමාජ දේශපාලන අර්බුදය තුළ කිසිදු සාධනීය වෙනසක් කවරකුටවත් කළ නොහැකිය. කලක් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ දේශපාලනය සමග කටයුතු කර වධකාගාරයකදී ඒ පිළිබද පාපොච්චාරණය කර ස්වෝත්මවාදී මාර්ගයකට පැමිණි දේශපාලකයකු විසින් පසුව විවිධ නැගී ඒන පාලකයන් සමග ගමන් කරන්නේ අර්බුදය විසදන්නට නොව අර්බුදයේ ඉදුල් බුදිමින් යැපෙන්නට බව සටහන් කළ යුතුව අැත.