தமிழ்
English
Contact
Tuesday 3rd April 2018    
ජනතාවට දුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිත කරලා - අැමති දුමින්ද දිසානායක මරු කියවයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතාවට දුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිත කරලා – අැමති දුමින්ද දිසානායක මරු කියවයි !



2015 බලයට පත් වූ අාණ්ඩුව විසින් ජනතාවට නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදුන් බවද ඒ්සියල්ල වැරදි ලෙස භාවිතා කිරීමෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ බවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (8) කොළඹ  ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කවුරුන් හෝ එය වැරදි ලෙස භාවිතා කරන විට ආණ්ඩුව එය පාලනය නොකිරීම වරදක් බවත් අැමතිවරයා පැවසීය.

2015 අාණ්ඩුව බලයට පැමිණියේ රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ හා අපරාධකාරී මර්දනය සම්බන්ධව නැගුණු ජනතා විරෝධය පිහිට කර ගනිමිනි. රටේ දස ෙදසින්ම නැගී අා ජනතා විරෝධය රාජපක්ෂ පාලනයට අවාසිදායක විය.  ශිෂ්‍යයන්, කම්කරුවන්, ධීවරයන්, විශ්ව විද්‍යාල අාචාර්යවරු, මාධ්‍යවේදින්, කලාකරුවන් අැතුලු සමාජ බලවේග සටන් කරමින් රාජපක්ෂ පාලනය පළවා හැරීමේ විරෝධය අැවලවූ අතර ඒක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ විරෝධී කොටස් ඒක්ව ජනතා විමුක්ති පෙරමුණේ සහාය අැතිව රාජපක්ෂ පාලනය පෙරලා දැමූහ. ඒහෙත් දැන් හවුල් පාලනය පිහිටුවා වසර 3ක් ඉක්ම යද්දී අාණ්ඩුවේ නායකයන්ට තමන්ව බලයට පත් කළේ කවුද, කුමකටද යන්න අමතක වී අැත. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉල්ලා සටන් කල බවද ඒ් සටනේ වාසිය ඡන්ද බවට පත්කර තමන් බලයට අා බවද පාලකයන්ට අදාල නැත. වංචා දූෂණ සහ ජාතිවාදය නඩත්තු කරමින් ගෙන ගිය පාලනය දැන් මර්දනයද අත්හදා බලමින් සිටී. අාරම්භයේ සිට වංචා දූෂණ කරමින් පාලනය පවත්වා ෙගන ගිය හවුල් අාණ්ඩුව දැන් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස යනු තමන් විසින් ජනතාවට දුන් වරමක්  යැයි වගාඩම්බර කතා කියති. මේ පාලකයන්ගේ බලයෙන් මත්ව සිටින තත්වය ජනතාව විසින් වටහා ගත යුතුව අැත.