தமிழ்
English
Contact
Friday 9th March 2018    
අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධ විශ්වාසභංගය භාරදීම කල්යයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධ විශ්වාසභංගය භාරදීම කල්යයි !



අගමැති රනිල් රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන බව කිවු විශ්වාසභංග යෝජනාව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණද රට තුළ ඇති තත්වය නිසා එය කල්දැමූ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංගයට අවශ්‍ය අත්සන් ලබා ගැනීම සිදුකරන බවද අනතුරුව එය කථානායකවරයාට භාරදෙන්නට සූදානම් ව තිබිණි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට, චෝදනා 14ක් ඇතුළත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්රවධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට නොබියව මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විසින් ප්‍රතිචාර දක්වන ලදී. මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අැමති මහින්ද අමරවීර කොළඹදී මාධ්‍යවේදීන් අමතා  පවසා තිබුණේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු ඒ පිළිබදව සන්ධානයේ මතය ප්‍රකාශ කරන බවයි.