தமிழ்
English
Contact
Friday 16th February 2018    
මැතිවරණ කොමසාරිස් පෙබරවාරි 4 සුදු කොඩි දමලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ කොමසාරිස් පෙබරවාරි 4 සුදු කොඩි දමලා !



ආණ්ඩුව විසින් නිදහස් දිනය සමරන්නට යෙදුණු පෙබරවාරි 4 වැනිදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූපය සදහා සුදු කොඩියක් පළ කිරීම සම්බන්ධ සටහනක් යොදා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් සේවය කළ උදාර ලක්මාල් රාජකාරි කටයුත්තකදී අනතුරකින් අබාවයට පත්වීම හේතුවෙන් සංවේගය පළ කරමින් මැතිවරන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම සටහන යොදා ඇත. ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළකළ සටහන සම්පූර්ණයෙන් මෙසේය.


“මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැමිණිලි විමර්ශන කාර්යංශයේ පෙබරවාරි 02 රාත්‍රි සේවා මුරය අවසන්වී ,ඉන් අනතුරුව කොළඹින් බැහැර දිස්ත්‍රික්ක වලට ගබඩා බඩු යැවීම පිණිස ලොරි දෙකකට එම ද්‍රව්‍ය පැටවීමටද සහායවී පෙබරවාරි03 අලුයම 3 .40 පමණ (අන් සියල්ලන්ම කාර්යාලයේ නැවතී නිදා ගැනීමට සිටියදී) මෝටර් බයිසිකලයෙන් මීගොඩ නිවසට යමින් සිටියදී ⁣අතුරු ගිරිය හා ගොඩගම අතරදී වෑන්රථයක ගැටීමෙන් අප අතරින් වෙන්වූ 1988.02.02 දින උපත ලැබූ අයකුවූ අප කාර්යාලයේ ප්‍රසම්පාදන අංශයේ “උදාර ලක්මාල්” වෙනුවෙන් මේ ශෝකයේ ශ්වේත ධජය ප්‍රදර්ශනය කරමි. ඔහු මාගේ පුත්‍රයාගේ සම වයසේය. ඔහු අපගේ වැඩිහිටි සැමට පුත්‍රයකු විය. ඔහු අප සැමට බෙහෙවින් හිතෛෂිය. අතිශයින්ම ⁣සේවාවට ලැදිය. සැමවිටම ප්‍රසන්න සිනහවෙන් යුක්තය. පැවරෙන රාජකාරි පහසු අපහසු බව නොසලකා සතුටින් ඉටුකිරීමට සැමවිටම සූදානම්ව සිටි අයෙකි.
මාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු තවමත් වයස අවුරුදු 25 නොඉක්මවූ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ මට දියණියක් වැනි ” හෂී ” හා විවාහ වී මාස 10 කි , ඇය දැන් සත් මස් ගැබිනියකි. මේ නිසා “උදාර” මට පුත්‍රයාද බෑණා ද වෙයි. එහෙයින් මාගේ ශෝකය සඳහා මේ එක ධජය ප්‍රමාණවත් නැත.
පුත්‍රයා සහ බෑණා එකවර මියගිය පියෙකුගේ දුක විඳිමින් සිටිමි.“