Posted on 02.10.2018 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
අතුරුදන්වූ තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් උපවාසයේ නිරතව සිටින වව්නියාව ප්‍රදේශයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් පළාත්පාලන මැතිවරණයට ඡන්දය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
වසර අටකට වැඩි කාලයක් පමා වූ යුක්තිය ඉල්ලා සිටින තම උපවාසයට අද(10)ට දින 352ක් ගතව ඇති නමුත් තම ගැටළුවට මේ දක්වාත් නිසි විසඳුම් ලැබී නොමැති බැවින් බලධාරීන් වහාම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඔවුහු අවධාරණය කරති. මේ දක්වා තම විරෝධයට පාලකයන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් තමන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා නොකරන බවද ඔවුන් විසින් ජනමාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇත.