Posted on 02.02.2018 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
අද දින දිවයිනේ ස්ථාන ගණනාවක රාජ්‍ය සේවකයන් තම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදයනේ සිටියදී බලහත්කාරයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට යොදවන ලද බව ‘ලංකාවීව්ස්‘ වෙත වාර්තා විය.
රාජ්‍ය සේවකයන් විසින් තැපැල් ඡන්දය දැමීම අනිවාර්ය බවත් එසේ තැපැල් ඡන්දය ඉල්ලා සිටි කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකළ හොත් නිදහසට කරුණු කිව යුතු බවද රු.750.00ක ගාස්තු පියවිය යුතු බවටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය 1 වැනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිනී. ඒ අනුව කියැවුණේ රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දය අයදුම් කරන නිසා ඔවුන් අනිවාර්ය වශයෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි. මේ නිසා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ලබා දුන් අවසන් දවස ලෙස අද දින ඇතැම් රාජ්‍ය නිලධාරින් ඡන්දය ප්‍රකාශ නොකර ඉන්නට සූදානම් වූ විට ආයතන ප්‍රධානින් හෝ වෙනත් අය බැලපෑම් කරමින් ඔවුන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට බලහත්කාරී ලෙස යවා ඇත.
මෙසේ ඇතැම් රාජ්‍ය නිලධාරින් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු අත්හැර තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් තිබිණි. මේ තත්වය නිසා රාජ්‍ය ආයතනවල ගැටලු රාශියක් පැන නැගී ඇත. එසේම පොළොන්නරුව ප්‍රද්ශයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් ගුරුවරුන්ට ඉතා දුර බැහැර සිට වෑන් රථ කුලී පදනම මත ලබාගෙන එන්නට කටයුතු කර ඇත. එවැනි බලපෑමක් නිසා අද දින පාසල් රාශියක ගුරුවරු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇත.
එහෙත් මැතිවරණයකදී ඡන්දය දැමීමට තීරණය කිරීම හෝ නොකිරීම ඡන්ද දායකයා සතු අයිතියකි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම එක් ස්වාධීන දේශපාලන අදහසක් වන අතර එසේ ඡ්නදය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම දේශපාලන මතයක් ප්‍රකාශ කිරීමක් ලෙසද සැළකේ.