தமிழ்
English
Contact
Saturday 17th February 2018    
පළාත්පාලන මැතිවරණය - උතුර ද හිස් අවකාශයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මැතිවරණය – උතුර ද හිස් අවකාශයක



උතුරේ ගම් බිම් කරා දිවෙන මැතිවරණයක් කාලයකට පසු පැමිණ ඇත. එහෙත් ඒ දකුණේ ගම් පුරා දිවෙන ආකාරයේ කාර්යාල සැරසිලි වලින් පිරිලාද නැත. කෙසේවෙතත් පසුගිය දිනවල දෙමළ පුවත්පත්වල මැතිවරණය පිළිබද වාර්තා ව තරමක් ඉහළ උන්සුමක් පෙන්නුම් කළේය. ඒ අතර කැපී පෙනුනේ දෙමළ ජාතික සන්ධානයේ රැස්වීම්වලට සන්නද්ධ සොල්දාදුවන්ගේ ආරක්ෂාව සපයාගෙන තිබීමය.
මේ දක්වා උතුරේ දේශපාලනයෙ මැතිවරණ කාලවලදී හෝ දෙමළ ජාතික සන්ධානය හා 80 දශකයේ සිට සන්නද්ධ දේශපාලනයක නිරතව පසුව ප‍්‍රධාන දේශපාලන ධාරාවට පැමිණි EPDP වැනි පක්ෂ අතර ආධිපත්‍යයට පත්ව තිබිණි. එහෙත් මෙවර උතුරේ මැතිවරණයේදී පෙන්වා දෙන ප‍්‍රධාන දේශපාලන හැසිරීම් අතර මෙවර මැතිවරණයේදී ජාතිකවාදී දේශපාලන සංස්කෘතිය වෙනදා අත්පත් කර ගන්නා පොදු වේදිකාව බිඳ වැටී තිබීම කැපී පෙනේ.
ඔඹඛත්‍ නැතිනම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරේ දේශපාලනය තුල සිය ජාතිකවාදී හැසිරීම එක් ලක්‍ෂයකට ගෙන ආවේ 70 දශකයේ ආරම්භයේදීමය. එය සිය සහයෝගිතාවය පලකල තරුණ පෙරමුණේ සන්නද්ධ බලහත්කාරයද සමඟ 77 මැතිවරණයේදී විශේෂ ප‍්‍රතිඵලයක් වාර්තාකළේය. (ආසන 168න් 18ක් ) වෙන්ව ගොඩ නඟන පාලනයක් වෙනුවෙන් එළිපිටම ඡන්දයට ආවේ එයට විරුද්ධව මත දැක්වූ දොරෙයි අප්පා ඇතුළු බොහෝ දෙනෙකුට මරණ දඬුවමද ලබාදෙමිනි.
එහෙත් ජේ.ආර්.ජයවර්ධන ගෙන ආ 6 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සමඟ පාර්ලිමේන්තු කි‍්‍රයාවලියෙන් ඔවුන් එළියට විසිවුණු අතර, 83 කළු ජූලියත් සමඟ පුළුල් ලෙස ව්‍යාප්ත උතුරේ සන්නද්ධ කි‍්‍රයාකාරිත්වය සමඟ ඔඹඛත්‍ ඇතුළු ධනේෂ්වර දේශපාලන කි‍්‍රයාකාරිත්වය ඍජුව සන්නද්ධ කි‍්‍රයාකාරිත්වයේ අතකොළු බවට පත් වූහ. එසේ නොවන්නන්ට සිදුවුනේ අමිර්තලිංගම්ට මෙන් ඝාතනය වීමටය. එසේ ගොඩනැඟුණු බහුජන මැතිවරණ පෙරමුණ LTTE බලය පැවති වකවානුවේ කරලියට ආවේ දෙමළ ජාතික සන්ධානය (TNA) හැටියටය.
මෙවර මැතිවරණයට ඔභ් එකට වෙනදා මෙන් තනි පෙරමුණක් ලෙස ඡන්දය ඉල්ලා සිටීමට නොහැකි වී ඇත. එය කණ්ඩායම් කිපයක් ලෙස මැතිවරණ බිමේදී හමුවේ. එහි එක් පාර්ශ්වයක් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නියෝජනය කරන අතර ඔවුන් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ, බයිසිකලය ලකුණෙනි. එසේම උතුරේ යුධ ගැටුම් පවතින අවස්ථාවල LTTE යේ චෝදනාවලට ලක්වූ ආනන්ද සංගරී තවත් පිරිසක් හා එක්ව මැතිවරණයට ඉදිරිපත්ව ඇත. ඔවුන් තරඟ කරනුයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හැටියටය.
ඒ අතර ඩග්ලස් දේවානන්දද (EPDP) මැතිවරණයට ඉදිරිපත්ව ඇත. වාමාංශික පක්‍ෂ ලෙස ආයතන කිපයකට ඡන්දයට ඉදිරිපත්ව ඇත්තේ සමාජවාදී සමානතා පක්‍ෂයත් චාවාකච්චේරි ප්‍රාදේශී සභාවට තරග කරන ඒක්සත් සමාජවාදී පක්ෂය සහ කයිට්ස් හා පුදුර් ප‍්‍රාදේශීය සභා සඳහා තරග කරන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ (NDPF) පමණි. ඊට අමතරව ජවිපෙද උතුරේ පලාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්ව සිටී.
විශේෂයෙන් තමිල් ජාතිකවාදී දේශපාලනය නියෝජනය කළ තනි මුහුණුවර බෙදී වෙන්ව එක්සත්භාවය වෙනුවට බිම් මට්ටම දක්වා බෙදුණු ස්වභාවයක් ප‍්‍රදර්ශනය වීම, මෙතෙක් කාලයක් උතුරේ ජාතිකවාදී දේශපාලනය අත්පත් කරගත් බල කේන්ද්‍රය දුර්වලව යාමක් හැටියට දේශපාලන කතාබහට එක්ව ඇති අලූත් සාකච්ඡාවකි. එය බහුජන පෙරමුණේදී ඔඹඛත්‍ හැටියට 70 දශකයේද, 90න් පසු සන්නද්ධ පෙරමුණ තුළද, ඔභ් හැටියටද ඉටුකළ වැඩ කොටස වෙනුවට එහි අද ඇති භූමිකාව ප‍්‍රශ්ණයට ලක්ව ඇත.
ප‍්‍රශ්ණය එහි හිස්තැන පිරවෙන්නේ කුමන පාර්ශවයෙන්ද යන්නය. මෑතකාලිනව වඩා ප‍්‍රචාරකවාදී හා කිසියම් ගතිකත්වයක් උතුරේද, දකුණේද හිමිකරගත් විග්නේෂ්වරන් ඔභ් දේහය ඔසවා ගෙන යන්නෙකු නොව, ඒ තුලින් මතු වු තනි කි‍්‍රයාධරයෙකි. එසේම ඔභ් ඉල්ලා සිටින එම භූමිකාව ගජේන්ද්‍රන්ට හෝ සුමන්තිරන්ටද ඉටුකළ නොහැක. සුමන්තිරන් වැන්නන් අද මැතිවරණ වේදිකාවට ගොඩවනුයේ විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්‍ෂාව මැදය. කොහොමටත් උතුරේ ජනතාවගේ නියෝජිතයන්ද දකුණේ ජනතා නියෝජිතයන්ට දෙවැනි නොවන සේ තම මැතිවරණ රැලිවලට සහභාගිවනවුන් පොලිසිය ලවා ඊන ඉහ අතගා පරික්ෂාවට ලක්කරයි. ඒ ඔවුන්ට මැතිවරණ පොර පිටියේදී කිසියම් පාර්ශ්වයක් අතින් ප‍්‍රහාරයක් එල්ලවේදැයි යන භීතිකාවෙනි. ඔභ් පිරිස් එවැනි තැනකට ඇද වැටීමද උතුරේ දේශපාලනයේ පෙන්නුම් කෙරෙන තවත් පැතිකඩකි. උතුරින් පලවා හැරීමට යෝජනා කෙරෙන ආරක්‍ෂක අංශවල රැකවරනයට, අවසානයේ ඔභ් පාර්ශ්වය තල්ලූවීම තුලින් පෙන්වා දෙනුයේ ඔවුන් හා උතුරේ පීඩිත ජනයා අතර ඇති ඇත්ත සම්බන්ධයේ දිග පළලය. එනිසා සැබවින්ම උතුරේ ඔභ් ද, අද දකුණේ පරාජිකා වී ඇති ධනේෂ්වර පක්‍ෂ තරමටම උතුරේ ජනයාට දුරස්ව ඇත. දැන් යලිත් ඇසිය යුත්තේ හිස්තැන පිරවෙන්නේ කුමන දිශාවෙන්ද ? යන්නය.