Posted on 12.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ 2010 වසරේ සිට ලංකාව සභාපතිත්වය දරණ G – 15 කණ්ඩායම 2017 වසර අවසානයේ විසුරුවා හරින්නට නියමිත බව වාර්තා වේ.
අධිරාජ්‍යවාදී රටවල් හා සමාජවාදී කදවුරක් ලෙස ප්‍රධාන ගෝලීය දේශපාලන කේන්ද්‍ර දෙකක් අතර සීතල යුද්ධයක් පැවති සමයේ නොබැදි ජාතින්ගේ සමුලුවේ යෝජනාවක් අනුව 1989දී පිහිටුවන ලද මෙම විශේෂ කණ්ඩායමට ආසියා, අප්‍රිකා සහ ලතින් අමෙරිකා රටවල් 15ක් අයත් වේ. ලංකාවට අමතරව ඇල්ජීරියා, ආර්ජන්ටිනා, බ්‍රසිලය, චිලී, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජැමෙයිකා, කෙන්යා, මැලේසියා, මෙක්සිකෝව, නයිජීරියා, පේරු, සෙනගාල්, වෙනිසුවෙලා සහ සිම්බාබ්වේ මෙම රටවල් කණ්ඩායමේ සාමාජිකයන්ය.
2010 ඉරානයෙන් ලංකාව මෙම සභාපතිධුරය භාරගැනීම පිළිබද යෝජනාවට මෙරට විදේශ සබදතා විෂයේ උපශකත්වය දැරූ විද්වතුන් එකග වී නැති නමුත් රාජපක්ෂ පාලනයේ විදේශ සබදතා පිළිබද අත්තනෝමතික පිළිවෙත නිසා සභාපතිත්වය භාරගැනීම සිදු විය. ලෝක දේශපාලනය තුළ තවදුරටත් සක්‍රියභාවයක් නොමැති G – 15 වැනි කණ්ඩායමක සභාපතිත්වයට කරගැසීම අනවශ්‍ය බවට විදේශ සේවා පිළිබද උපදේශකයන් විසින් කරුනු සහිතව පෙන්වා දුන්නද ලෝක නායකයකු ලෙස පෙනී සිටින්නට ගිජුකමක් දැක්වූ රාජපක්ෂ ජනාධිපතිවරයා දයාන් ජයතිලක, පාලිත කොහොන හා රෝහිත බෝගොල්ලාගම තුන්කට්ටුවේ උපදෙස් මත G – 15 කණ්ඩායමේ සභාපතිකම ලබාගන්නට එකගතාවය පළ කරන ලදී. තම සභාපතිත්වය යටතේ මහින්ද රාජපක්ෂ විසින් 2012 කොළඹදී මෙහි අතුරු සැසිවාරයක් පමනක් කැදවන ලදී. කෙසේ වෙතත් එම අක්‍රිය රාජ්‍ය කණ්ඩායමේ ස්වභාවික මරණය සමයේ සභාපතිත්වය දැරූ රට ලෙස පමණක් ලංකාව ඉතිහාසයට එක්වනු ඇත.
