Posted on 02.12.2018 by Chandana Sirimalwatte in ප්රධාන පුවත with 0 Comments
පළාත්පාලන මැතිවරණයේදී අාණ්ඩුව පරාජයට පත්ව අැති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රකාශයක් කර තිබේ.
වසර තුනක කාලයක් අාණ්ඩුව විසින් ගෙන ගිය පිළිවෙත් සහ විශේෂයෙන් රාජපක්ෂ පාලනයට වඩා ප්රතිපත්තිමය හා ක්රියාමාර්ග වෙනසක් නොපෙන්වීමෙන් අාණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්රසාදය පළාත්පාලන මැතිවරණයේදී නිරූපිත විය. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කරන්නේ තම පාර්ශ්වය පළාත්පාලන මැතිවරණයෙන් ජයග්රහණය කර අැති නිසා මහමැතිවරණයකට පාර කපා දෙන ලෙසය. පළාත්පාලන අායතනවලට නියෝජිතයන් පත්කිරීමට ජනතාව ප්රකාශ කල ඡන්දය පදනම් කරෙගන මෙවැනි ප්රකාශයක් කිරීමෙන් හිටපු අාඥාදායකයාට බලයට යළි පැමිණීමට අැති ගිජුබව පැහැදිලි වේ. ඔහු නැවත අාණ්ඩු බලයට පත්වුවද වර්තමාන අාණ්ඩුවට වෙනස් මාවතක් යෝජනා කර නැත. නවලිබරල් ධනවාදයේ ඉදිරි පියවර සදහා නැවත ඔහුගේ අාණ්ඩුවක් ජනතාව විසින් පත්කර ගතයුත්තේ අැයිද යන්න හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කර නැත. ඒසේම වසර පහක පාර්ලිමේන්තු කාලයකට ජනතා ඡන්දය ප්රකාශව තිබියදී වසර තුනකින් ඒම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු කුමන ප්රජාතන්ත්රවාදී ක්රමයකින්දැයි බලලෝභී මහින්ද රාජපක්ෂ පවසා නැත.
රනිල්-මෙෙත්රි හවුල් අාණ්ඩුව විසින් සිය පාලනය තුළ නවලිබරල් ප්රතිසංස්කරණ වෙනුවෙන් ගෙන ගිය ක්රියාදාමය සහ ප්රජාතන්ත්ර විරෝධී ලෙස ජනතා අයිතින් කප්පාදු කිරීම හමුවේ දැන් ජනතාවට විකල්පයක් නොමැති තත්වයක් උදා වී අැත. මෙවැනි පසුබිමක බලයට පත් වන්නට මිස ජනතාව වෙනුවෙන් කිසිවක් කරන්නට විපක්ෂය තුළ සිටින රාජපක්ෂ අැතුලු කණ්ඩායමට අරමුනක් නැති බව ඉහත ප්රකාහයෙන් පැහැදිලි වේ.