தமிழ்
English
Contact
Saturday 24th March 2018    
හෙජින් පාඩම තිබියදී ස්වභාවික වායු මිලදී ගැනීමට තවත් අවාසිදායක ගනුදෙනුවකට සූදානම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෙජින් පාඩම තිබියදී ස්වභාවික වායු මිලදී ගැනීමට තවත් අවාසිදායක ගනුදෙනුවකට සූදානම් !



අාණ්ඩුව විසින් ‘ද්‍රවකෘත ස්වභාවික වායු’ (LNG) මිලදී ගැනීම සම්බන්ධව කොරියානු සමාගමක් සමග ඒළඹෙන්නට යන ගිවිසුම තවත් හෙජින් ගනුදෙනුවක් මෙන් අවාසිදායක වනු අැතැයි ජාත්‍යන්තර වෙළදාම සම්බන්ධ විශ්ලේෂකයෝ අනතුරු අගවති.
මුහුදේ පාවෙන ගෑස් සැපයුම් පර්යන්තයක් ඉදිකොට, ඒ් හරහා වාර්ෂිකව ස්වභාවික වායු ටොන් මිලියනයක් සැපයීමට අදාළව වසර 20ක් සදහා කොරියානු රජය විසින් නම් කොට අැති SKE & S නමැති සමාගම සමග මෙසේ ගිවිසුමක් අත්සන් කරන්නට මූලික සාකච්ඡා සිදුකොට අැත. මෙම ගනුදෙනුවේදී අායෝජන සදහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත්
විවෘත ටෙන්ඩර් ක්‍රමයට නොව ගැනුම්කරුවන් අතර අපවාදයට ලක්වූ ක්‍රමයක් වන ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමයට සිදුකරන්නට යන බවට තොරතුරු පළ වී අැත. ස්වභාවික වායු උපයෝගි කරගෙන විදුලි බලය උත්පාදනය කිරීමට විදුලි බල මණ්ඩලය සැලසුම් සකස් කර අැති බැවින් මෙවැනි විශාල හා ස්ථාවර ගෑස් සැපයුමක් අවශ්‍යවීමේ හේතුව භාවිත කොට මෙවැනි අවාසිදායක ගිවිසුමක් සාධාරණිකකරණයට අාණ්ඩුවේ බලධාරින් සූදානම්වීම නිසා මෙහි යම් කොමිස් ජාවාරමක් අැති බවට සැකයට ලක්ව අැත.
මෙම ක්‍රමය යටතේ ඉදිරි වසර 20ක් සදහා ලංකාව ගෑස් මිලදී ගැනීමේ බැදිමකට යටත්වන අතර බරපතල ලෙස අවදානම් හා අවාසිදායක ගනුදෙනු කොන්දේසි ඒ් යටතේ ක්‍රියාත්මක වන්නට නියමිත බැවින් අායෝජන සංවර්ධන ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් ඊට සිය අප්‍රසාදය හා විරෝධය දක්වා අැත.