தமிழ்
English
Contact
Monday 5th February 2018    
අපේ සල්ලිවලට මොකද වෙන්නේ? මාලඹේ 'ස්ලිට්' අායතනයේ අක්‍රමිකතා ප්‍රශ්න කරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේ සල්ලිවලට මොකද වෙන්නේ? මාලඹේ ‘ස්ලිට්’ අායතනයේ අක්‍රමිකතා ප්‍රශ්න කරයි !



මාලඹේ ‘ස්ලිට්’ හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අායතනය තුළ පාඨමාලා ගාස්තු වැඩිකර අැති බවද අායතනයේ අක්‍රමිකතා රැසක් පවතින බවද ශිෂ්‍යයන්ගෙන් අයකරගන්නා මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න අවිනිශ්චිත බව ශිෂ්‍යයකු විසින් ඒම අායතනයේ පැවති ප්‍රසංගයකදී ප්‍රශ්න කර අැත.

ස්ලිට් අායතනයේ අධ්‍යාපන කටයුතුවලදී තමන් විශාල මුදලක් ගෙවන නමුත් මුදල් නොගෙවා විවිධ බලවතුන්ගේ සම්බන්ධතා මත ශිෂළ්‍යත්ව ලබාගන්නා පිරිසක්ද සිටින බව ප්‍රසංගය අතරතුර වේදිකාවට පැමිණෙන ශිෂ්‍යයා ඒහිදී ප්‍රකාශ කර අැත. ඒ් සමගම අායතන කළමනාකාරිත්වයේ මැදිහත්වීමෙන් අාරක්ෂක නිලධාරින් ඔහුගේ කතාවට බාධාකර ඔහුව වේදිකාෙවන් ඉවත් කිරීමට කටයුතු කරද්දී ඔහු ඊට විරෝධය පළකර තමන්ට කතා කරන්නට අයිතියක් අැති බැවින් බාධා නොකරන ලෙස පවසා අැත.

ඉතා අවම පහසුකම් හා සේවා සපයන තත්වයක් තුළ මාලඹේ ස්ලිට් අායතනයේ සිදුවන දේ ප්‍රශ්න කළ යුතු බවද අායතනය යහපත් ප්‍රමිතියකින් නොපවතින්නේ නම් ඒහි අධයාපනය ලබන ශිෂයයන් ලෙස තමන්ගේ අධයාපනයද යහපත් නොවනු අැති බව ඒම ශිෂ්‍යයා අායතනයේ අාරක්ෂකයන්ගේ බාධාකිරීම් මධ්‍යයේ ප්‍රකාශ කර අැත. ස්ලිට් අායතනයේ අධ්‍යයන කටයුතු කරන ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ශිෂ්‍ය නියෝජිතයන් පත්කිරීමක් හෝ නිලවරණ පැවැත්වීමක් නැති බවද ශිෂ්‍ය සංගම් ලෙස නාමික නිලධාරින් පත්කරන්නෙන්ද පාලකයන්ගේ අවශ්‍යතා මත බවද ඒම ශිෂ්‍යයා ප්‍රසිද්ධියේ චෝදනා නැගීය. අායතනය රජයේ අරමුදල් ඒනම් මහජන මුදලින් බිහිකළ නිසා තම්ට මෙම අායතනය අාරක්ෂා කිරීමේ වගකීමක් පැවරෙන බව ප්‍රකාශ කල ශිෂ්‍යයා ස්ලිට් අායතනයේ වැරදි ගමන් මග නිවැරදි කිරීමට ඒ්කරාශිව කටයුතු කළ යුතු බවට ශිෂ්‍යයන් වෙත අාරාධනා කර සිය ප්‍රකාශය අවසන් කරන්නේ සභාවේ ප්‍රිති ඝෝෂා මධ්‍යයේය.

කෙසේවෙතත් මෙම ප්‍රශ්න කිරීමෙන් පසුව පානාධිකාරිය විසින් පාඨමාලා ගාස්තු වැඩිකිරීම තාවකාලිකව අවලංගු කර අැත.

ඒම අවස්ථාව ප්‍රසංගය නැරඹීමට පැමිණි අයකු විසින් වීඩියෝ ගතකර සමාජ ජාල වෙත මුදාහැර තිබිණි. මෙතැනින් ඒය නරඹන්න.

අසාධාරණයට එරෙහිව සටන් කරමු

Posted by Asanka Sandaruwan on Wednesday, January 31, 2018