Posted on 01.30.2018 by Chandana Sirimalwatte in ප‍්‍රධාන පුවත with 0 Comments
මුදලට වෙෙද්‍ය උපාධි පිරිනමන මාලඹේ සයිටම් අායතනය අහෝසි කරන බවට අාණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දුව කඩකිරිම සහ අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාමාර්ග නතර නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තවදුරටත් සටන් ක්‍රියාමාර්ග හැර විකල්පයක් ඉතිරිව නැති බව අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනාධිපතිවරයාට දන්වා සිටී.
අ.වි.ශි.බ.ම. වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර විසින් මේ බව අවධාරනය කරයි.
සයිටම් විරෝධී අරගලයේදී අාණ්ඩුව මැදිහත්වී සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලිඛිත ප‍්‍රකාශයක් ද සයිටම් ශිෂ්‍යයන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමේ අරමුණින් පිහුටවන ආයතනයක් ඉදිරියට පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් වාචික ප‍්‍රකාශයක්ද ලබාදුන් බව සිහිපත් කරන අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ඒම පොරොන්දු දෙකම අාණ්ඩුව විසින් කඩකර අැති තත්වය තුළ මෙම තීන්දුව ගැනීමට සිදුව අැති බව පවසයි.
අ.වි.ශි.බ.ම. විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ.
2018.01.28
ජනාධිපතිතුමනි,
මාලඹේ සයිටම් අහෝසි කිරීම සම්බන්ධ එකගතා කඩකිරීම සම්බන්ධවයි.
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම යන සටන් පාඨය මූලික කරගනිමින් පසුගිය කාලය පුරා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසත්, දෙමාපියන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ඇතුළු වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා කලාකරුවන් එක්ව අඛණ්ඩ අරගලයක් ක‍්‍රියාත්මක කෙරිණ.
එහිදී විවිධ අවස්ථාවලදී කෙරුණු සාකච්ඡා, උද්ඝෝෂණ, සත්‍යග‍්‍රහ, උපවාස, පන්ති වර්ජන, සියල්ල හරහා අප ඉල්ලා සිටියේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අයිතියක් ලෙස පවත්වාගෙන යාමට නම් ඒවා වෙළඳ භාණ්ඩ කිරීම නොකළ යුතුය යන්නයි. නමුත් සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා සිදු වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීම සඳහා වන පසුබිමක් නිර්මාණය වීමත් එමඟින් රටේ බහුතරයක් ජනතාවගේ අයිතීන් කප්පාදු වීමත්ය. මාලඹේ සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය සිසුන් මාස 10 ක පන්ති වර්ජනයක නිරත වුයේත්, පිළිගත හැකි විසඳුමක් නොලැබුණු විටදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයකට යාමට තීරණය කරන්නේත් අධ්‍යාපනය, සෞඛ්‍ය අයිතියක් ලෙස පැවතීම එතරම්ම වැදගත් කාරණයක් නිසාවෙනි.
මෙම විරෝධතාවන් හේතුවෙන් සයිටම් ආයතනය අහෝසි කරන බවට පාර්ලිමේන්තුව තුළදීත්,රට ඉදිරිපිටදීත් ප‍්‍රකාශ කිරීමට ආණ්ඩුවට සිදුවිය. නමුත් එලෙස ප‍්‍රකාශ කළ ආණ්ඩුවම වෙනත් ආකාරයකින් සයිටම් ආයතනය පවත්වාගෙන යමින් අධ්‍යාපනය විකිණීමට පිඹුරුපත් සකස් කරනු දක්නට ලැබේ. 2017 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට සයිටම් අහෝසි කිරීමට අදාළ නීතිමය කටයුතු අවසන් කරන බවට ප‍්‍රකාශ කළ ද සයිටම් ආයතනයට සිසුන් බදවාගැනීම නැවැත්වීමේ ගැසට් නිවේදනය හෝ මේ වන තෙක් නිකුත් කර නොමැත. මෙම නිසා රජයේ පාර්ශවයෙන් එක`ගතාවයන් කඩවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස ඔබතුමන්ටද බැහැර කළ නොහැකි වගකීමක් ඇත. නමුත් පසුගිය 25 වනදා පැවති විරෝධතාවයට ආණ්ඩුව ජල ප‍්‍රහාර, කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීම හරහා පැහැදිලි වන්නේගැටලූව විස`දනවා වෙනුවට මර්දනය යොදා ප‍්‍රශ්නය යටපත් කිරීමට කටයුතු කිරීමකි.
අප ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසත්, අනෙකුත් පාර්ශව ගණනාවකුත් මේ සම්බන්ධයෙන් ඔබතුමන් සමඟ අවස්ථා ගණනාවකදීම සිදු කළ සාකච්ඡා වලදීද අපගේ ස්ථාවරය ඉතා පැහැදිලි ලෙස ප‍්‍රකාශ කර සිටියෙමු. එනම්,
1. සයිටම් ආයතනය අහෝසි කිරීම හෝ පූර්ණ ලෙස රජයට පවරා ගැනීම.
2. සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා ආරම්භ කිරීමට යෝජිත රජයේ වෛද්‍ය පීඨයක් හරහා ඔවුන්ට උපාධි පිරිනැමීමට ක‍්‍රමවේදයක් සකස් කිරීම.
යන කාරණාවන්ය. එසේම දෙමාපියන් ආරම්භ කළ මාරාන්තික උපවාසයත් සමඟ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කමිටුව හරහා ඉදිරිපත් වූ එකගතාවන් දෙකක් තිබිණ. එනම්,
1.සයිටම් ආයතනය අහෝසි කිරීම. (ලිඛිත ප‍්‍රකාශය)
2.සයිටම් ශිෂ්‍යයන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට ආරම්භ කරනු ලබන කුමන හෝ ආයතනයක් ඉදිරියට පවත්වාගෙන නොයෑම. (වාචික ප‍්‍රකාශය)
නමුත් මෙම එකඟතාවන් මේ වන විටත් කඩකරමින් ආණ්ඩුව මඟින් මෙම ගැටලූව සම්බන්ධ අවසන් විසඳුම් ලෙස යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. එම යෝජනා සම්බන්ධයෙන් මෙන්ම රජය අවසන් වරට නිකුත් කළ නිවේදනයේ අර්බුදකාරී ප‍්‍රකාශයන් කිහිපයක්ම ඇත. එනම්, එහි සයිටම් අහෝසි කිරීමට කරන යෝජනාවේදී නව වෛද්‍ය විද්‍යාලයක් මාලඹේ SLIIT ආයතනයට අනුබද්ධව ආරම්භ කෙරේ. රාජ්‍ය නොවන ලාභ නොලබන ආයතනයක් ලෙස සඳහන් වුවද, වර්තමාන SLIIT ආයතනයට සිසුන් බඳවා ගැනීමේ මුලික පදනම වනුයේ මුදල් අයකිරීමයි. ඒ හරහා නැවත උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් මූලික අවශ්‍යතාවක් බවට පත් කර ඇත. මෙවැනි ආයතනයක් ආරම්භ කිරීමක් සම්බන්ධයෙන් කිසිඳු විටෙක සටන් කරන බලවේග ලෙස අප ඉල්ලීමක් හෝ නොකළ නමුත් රජය මේ වන විට SLIIT ආයතනය සමඟ ගිවිසුම් පවා අත්සන් කිරීමට කටයුතු කර ඇත.
එසේම සයිටම් ආයතනයට එරෙහිව නැඟුණු විරෝධතවන්හිදී ඉදිරිපත් වූ ප‍්‍රධානතම ගැටලූ සඳහා මෙම විසඳුම් මඟින් පැහැදිලි පිළිතුරක් ලැබෙනු ඇතැයි යනුවෙන් කරුණු දෙකක් එම නිවේදනයේ සඳහන් වේ. එනම්,
1.වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ තිබෙන ඉහළ ප‍්‍රමිතිය සයිටම් ආයතනයේ නොමැති යයි ඉදිරිපත් වූ ගැටලූව.
2. සයිටම් ආයතනය සතු ලාභ ලැබීමේ චේතනාව අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයට බාධාවක් යැයි ඉදිරිපත් වූ ගැටලූව.
නමුත් සටන් කරන බලවේග ලෙස මෙම කරුණු දෙකම අපගේ විරෝධයේ ප‍්‍රධාන කරුණු නොවන බව අවධාරණයෙන් යුතුව කියා සිටින්නෙමු. අපගේ මූලික විරෝධය මතු කරනු ලැබුවේ අධ්‍යාපනය සඳහා මුදල් අයකිරීමත් ඒ හරහා අධ්‍යාපනය විකිණීම හා එමඟින් සිදු වන සමාජ අසාධාරණයත්ය. SLIIT ආයතනයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨයේද මුදල් අය කිරීම සිදු වේ. එසේ නම් අපගේ ප‍්‍රධාන ඉල්ලීමට විසඳුම් ලැබී නැති බව ඉතා පැහැදිලිය. සයිටම් ශිෂ්‍යයන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම පාවිච්චි කරමින් ආණ්ඩුව මේ වනවිටත් තවත් මුදල් අයකරන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට පිඹුරුපත් සකස් කර ඇත. නමුත් සයිටම් ශිෂ්‍යයන්ට උපරිම සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා අප ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලීමක් හෝ නොකරන්නේ මන්දැයි හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුව හෝ ආණ්ඩුව කරුණු පැහැදිලි කිරීමක් හෝ සිදු කර නොමැත.
එසේ නම් අධ්‍යාපනය විකිණීම, වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීම මේ හරහා නතර වී නොමැති බව නිශ්චිත කාරණයකි. එසේ නම් සයිටම් ආයතනයේ නම මාරු කිරීමක් පමණක් සිදු කර ඇති අතර සයිටම් ශිෂ්‍යයන්ට හෝ නිසි සාධාරණය ඉෂ්ඨ කිරීමට රජයේ මෙම යෝජනාව හරහා අසමත් වී ඇත. දෙමාපිය මාරාන්තික උපවාසය අවසන් වූයේ රජය පාර්ශවයේ එකඟතා බිඳ දැමීමක් සිදු වුවහොත් නැවත සටන් ක‍්‍රියාමාර්ග වලට එළඹීමේ එකඟතාව මතයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා සයිටම් අහෝසි කිරීම, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ප‍්‍රතිපත්තිය අහෝසි කිරීම යන කාරණා ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නොව රටේ බහුතර ජනතාවගේ ඉල්ලීමකි. එසේ නම් ආණ්ඩුව නොසලකා හැර ඇත්තේ බහුතර ජනතාවකගේ ඉල්ලීම නොවේද?
ඔබතුමන් වෙතද මෙම ගැටලූව සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය ලිඛිතව අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇත. නමුත් මෙවර ද රජය ලබා දී ඇති විසඳුම් අපට පිළිගත නොහැක. මන්ද සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධ එක`ගතා ක‍්‍රියාත්මක කිරීමට මේ වනතෙක් අදාළ නිල කටයුතු සිදු නොවී තිබීමත් ඊට එරෙහිව විරෝධතා මර්දනයට හා අලූත් ආයතනයක් ආරම්භ කිරීමට අදාළ නිවේදන නිකුත් කිරීමත් පමණක් දක්නට ලැබේ. නමුත්මෙසේ වරින් වර නිකුත් වන නිවේදන හරහා සිදුවන්නේ ගැටලූවට විසඳුම් ලබා දීමක් නොව කල් මැරීමයි.
අප කිසිඳු මොහොතක සාකච්ජා ප‍්‍රතික්ෂේප නොකළ අතර අදටත් සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධ එක`ගතා ක‍්‍රියාත්මක කිරීමට හා සයිටම් සිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සම්බන්ධ සාකච්ඡුා කිරීමටද අප සූදානම්ය. නමුත් සටන් ක‍්‍රියාමාර්ගයකට පෙර රජයේ විවිධ ආයතන හරහා නිකුත් කළ නිවේදනය අපට යෝජනා කරනුයේ උද්ඝෝෂණ නවත්වා ඔවුන්ගේ යෝජනාව සාකච්ඡුා කිරීමට පැමිණෙන ලෙසයි . එය මෙම ගැටලූවට සැබෑ විසඳුම් ලබා දෙන ප‍්‍රවේශයක් නොව සටන් ක‍්‍රියාමාර්ගමග හැරීම සදහා සිදු කරන්නකි.
එසේනම් සයිටම් අහෝසි කිරීමටත් සයිටම් සිසුන් පාවිච්චි කරමින් අධ්‍යාපනය විකිණීම සඳහා සිදුකරන ප්‍රෝඩාවත් නතර කරන තුරු අඛණ්ඩව සටන් ක‍්‍රියාමාර්ගවල නිරත වීමටත් ඉදිරියේදී ක‍්‍රියාමාර්ග වඩාත් තීව‍්‍ර කිරීමටත් අපට සිදුවන බව මෙයින් අවධාරණය කරන්නෙමු.
ළහිරු වීරසේකර,
කැදවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.