தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කළ නොහැකිය, සයිටම් විරෝධී අරගලයේ පරිච්ඡේදයක් අවසන්! – අ.වි.ශි.බ.ම. « Lanka Views | Views of the truth

ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කළ නොහැකිය, සයිටම් විරෝධී අරගලයේ පරිච්ඡේදයක් අවසන්! – අ.වි.ශි.බ.ම.



වෛද්‍ය උපාධිය මුදලට ලබා දෙන මාලබේ සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් ගෙනගිය අරගලයේ පරිච්ඡේදයක් අවසන්ව ඇති බව අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
අ.වි.ශි.බ.ම. විසින් නොවැම්බර් 12වැනිදා නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයකින් මේ බව දක්වා ඇත. ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කළ නොහැකි වුවද පසුගියදා සයිටම් අහෝසිකරන ලෙස මවුපියන් ගෙන ගිය උපවාසය වෙත පැමිණ හර්ෂ ද සිල්වා විසින් දුන් ලිඛිත පොරොන්දුවක් දී ඇත. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මාලබේ සයිටම් ආයතනය ආරම්භ කළ 2008 වසරේ සිට ගෙන ගිය අරගලය විසින් ඊට ජනතා සහයෝගය හිමිව ආණ්ඩුව විසින් සයිටම් ආයතනය වසා දමන බවට ලිකිත පොරොන්දුවක් ලබා දී ඇත. එහෙත් අධ්යාවපනය හා සෞඛ්ය වෙළද භාණ්ඩකරණය ආණ්ඩුවේ ප්ර තිපත්තිය වන බැවින් මෙම තීරණයෙන් සමාජ ජයග්රිහණ සම්පූර්ණ නොවන බවද අ.වි.ශි.බ.ම. පෙන්වා දෙයි.
“මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ අරගලයෙ එක් පරිච්ජේදයක් අවසන්ව ඇත.“ යන හිසින් අ.වි.ශි.බ.ම. නිකුත් කළ මාධ්යන නිවේදනය මෙසේය.

2008 වර්ෂයේ මාළඹේ සයිටම් හොර උපාධි කඩය ආරම්භක මොහොතේ පටන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඊට එරෙහි අරගලය ආරම්භ විය. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ‘සයිටම් අහෝසි කරනු‘ යන සටන් පාඨය සහිතව මෙම අරගලයට ප්‍රවේශ වූයේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය යන්න අයිතියක් ලෙස පැවතිය යුතුය යන පදනමේ සිටය. එනම් අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් නොවිය යුතුය යන පදනමේ සිටය. නමුත් සයිටම් යනු පසුගිය ආණ්ඩුව සේම රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූ අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමේ ප්‍රතිපත්ති සුජාතකරණය කිරීම සදහා ගෙන ආ ප්‍රමුඛ ව්‍යාපෘතියකි.
ඒ අනුව සාකච්ජා සභා, සම්මන්ත්‍රණ, උද්ඝෝෂණ, පාගමන්, පෙත්සම්, බැනර් අත්සන් කිරීම් අඛණ්ඩ සත්‍යග්‍රහ, අඛණ්ඩ උපවාස ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් හරහා මීට එරෙහි අඛණ්ඩ විරෝධතා ආරම්භ විය. නමුත් දිගින් දිගටම ආණ්ඩුවේ ප්‍රතිචාරය බවට පත්වූයේ සයිටම් අහෝසි කිරීම කිසිලෙසකවත් සිදුනොවන බවත් තවත් පෞද්ගලික විශ්වවිද්යා්ල ආරම්භ කිරීම ප්‍රතිපත්තිය බවත්ය.
ඒ අනුව ශිෂ්යව ව්යාෞපාරය ලෙස අප ගෙන ආ අරගලය වඩාත් තීවර ‍ත කරමින් රජයේ වෛද්යා පීඨ සිසු සිසුවියන් අඛණ්ඩ පන්ති වර්ජන කරිි යාමාර්ග වලට එළඹීමට තීරණය කෙරිණ. උද්ඝෝෂණ, පාගමන්වලට ආණ්ඩුව සිදු කල පහරදීම්, අත්අඩංගුවට ගැනීම්, අධිකරණ නියෝග හරහා ආණ්ඩුවේ මර්දනයටද මුහුණ දීමටද ශිෂ්‍ය ව්‍යාපාරයට සිදුවිය. එසේම අවස්ථා ගණනාවකදී ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිරගත කෙරිණ.
මෙකී සිය`ඵ තත්වයන් මධ්ය යේ සයිටම් විරෝධී අරගලය වඩාත් පුළුල් කරමින් අනෙකුත් සියළු බලවේග ඒකාබද්ධ කරගනිමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය නිර්මාණ විය. ඒ අනුව වෛද්ය වරුන් , ගුරුවරුන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ පවා ඒ සටන වටා ඒකරාශී වෙමින් සයිටම් අහෝසි කළ යුතු බව අවධාරණය කෙරිණ.
වරින් වර සංකේතාත්මකව ගන්නා ලද වැඩවර්ජන ක්‍රියාමාර්ග හරහාද සටන ඉදිරියට ගමන් කළද ආණ්ඩුවේ පරංක තිචාර හෝ සාකච්ජා ඵල රහිත විය. ඒ අනුව මෙම සටනේ ඉතා තීරණාත්මක පියවරක් ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කොට පසුගිය නොවැම්බර් 06 වෙනිදා එය කොළඹදී ආරම්භ කරන ලදී.
මෙම ක්‍රියාමාර්ග පුළුල් වීමත් සමගම රජයේ විවිධ විසදුම් සමග යෝජනා ඉදිරිපත් වූ අතර පසුගිය ඔක්තෝබර් 29 වන දා ඉදිරිපත් කළ යෝජනා අවසන් විසදුම් බවටද ප්‍රකාශයට පත්කෙරිණ. එම යෝජනා ඉදිරිපත් කෙරුණේ ජනාධිපතිවරයා පත්කළ හර්ෂද සිල්වා ඇමැතිවරයාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ මත පදනම් වෙමිනි. නමුත් ඒ යෝජනා සියල්ල සලකා බැලූ විට පැහැදිලි වන්නේ ආණ්ඩුව සයිටම් ගැටළුව පාවිච්චි කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි. එම නිසා එම යෝජනා සදහා අපගේ එකගතාවයක් නොමැති බව දන්වමින් දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගය ආරම්භ විය.
මෙම ක්‍රියාමාර්ගයත් සමග නැවත හර්ෂ ද සිල්වා කමිටුව හරහා විසදුම් යෝජනා ආණඩුවෙන් ඉදිරිපත් වූ අතර ඒ අනුව එසේ ඉදිරිපත් වූ යෝජනා වූයේ සයිටම් ආයතනය අහෝසි කිරීම, සයිටම් ආයතනයේ දැනට සිටින සිසුන් සම්බන්ධව ජනාධිපති පත්කරන ලද කමිටුව හරහා තීරණයක් ගැනීම හා විශ්වවිද්‍යාල පනතට අනුව නීති කටයුතු සිදකිරීමටයි. නමුත් මෙම යෝජනා සදහාද එකග වීමට නොහැකි තත්වයක් මතුවූයේ එම යෝජනා ඉදිරිපත් වූයේ ඔක්තෝබර් 29 ඉදිරිපත් කළ යෝජනාවලියට යටත්ව වීමයි.
අවසානයේදී මේ සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා අැමතිවරයා සමග පැවැති සාකච්ජාවේදී මෙම කරුණු සම්බන්ධයෙන් අප ඉදිරිපත් කල ගැටළු සහගත තත්වයන් සදහා රජයෙන් ලැබුණු ප්‍රතිචාරයන් මෙසේය. එනම් සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීම ස්ථිර ලෙස නවතා දමා ඇති බවත් ඒ හරහා සයිටම් ආයතනය අහෝසි කිරීමට කටයුතු කරන බවත්ය. එය ලිඛිතව ලබා දී ඇත. අනෙක් කාරණය වූයේ සයිටම් ආයතනයේ සිසුන් පාවිච්චි කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට ආරම්භ කරන ආයතනය හරහා පෞද්ගලික විශ්වවිද්‍යා ආරම්භ කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධවයි. වාචික පොරොන්දුවක් ලබා දෙමින් අැමතිවරයා සදහන් කළේ එසේ ආරම්භ කරන ව්‍යුහය සයිටම් සිසුන්ට පමණක් අදාළ වන අතර ඉන්පසු අහෝසි වී යන බවයි. මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ යෝජනා වූයේ අලූතෙන් ආරම්භ කිරීමට යෝජිත රජයේ වෛද්‍ය පීඨයකට මොවුන් සම්බන්ධ කරන ලෙසයි. නමුත් එම යෝජනාව තවදුරටත් සාකච්ජා කිරීම සදහා අදාල කමිටුවට ඉදිරිපත් කල යුතු බව අැමතිවරයා ප්‍රකාශ කරන ලදී.
අවසානයේ ඉහත සයිටම් අහෝසි කිරීමට ලබා දී ඇති ලිඛිත පොරොන්දුව හා නව ආයතනයක් හෝ ව්‍යුහයක් පිහිටුවනු ලබන්නේ සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සදහා පමණක්ම යන වාචික පොරොන්දුවක් මත අනෙක් බලවේගවල පොදු ඉල්ලීම මත මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කරන ලදී. මෙසේ මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගය අවසන් කෙරුණේ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ පාර්ශවයෙන් නැවතත් එකගතාවයන් බිදින්නේ නම් සටන් කළ පාර්ශව එක්ව නැවත අරගලයට  ප්‍රවේශ වීමේ එකගතාවය ඇතිවය.
එසේම කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගය අවසන් කීරීමට තීරණය කෙරුණේද ඉහත එකගතාවයන් මතය. ඒ අනුව සයිටම් අහෝසි කිරීමේ අරගලයේ එක් පරිච්ජේදයක් පමණක් මෙලෙස අවසන් වී ඇති අතර ආණ්ඩුවේ එකගතාවයන් කරිම යාත්මක කිරීමට බල කෙරෙන හා අධ්යා පනය විකීණීමට එරෙහි ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහි අරගලය අඛණ්ඩට ඉදිරියට ගමන් කරනු ඇත.
කෙසේ වුවත් ආණ්ඩුවේ මේ එකගතා සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපට පූර්ණ විශ්වාශයක් තැබිය නොහැකිය. එම නිසා සයිටම් විරෝධී අරගලය පූර්ණ ජයග්‍රහණයක් දක්වා ගෙන යෑමට මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන ආ තලයෙන් වෙනස්ව ඉදිරි කරිප යාමාර්ග පවත්වා ගෙන යාමට අප තීරණය කර ඇත. එම නිසා සයිටම් විරෝධි අරගලයේ පූර්ණ ජයග්‍රහණය ලබා ගැනීම සදහා නැවත සංවිධානාත්මකව පෙළගැසෙන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරන සහෝදර සහෝදරියන්ගෙන් හා සටන් කරන බලවේගවලින් ඉල්ලා සිටිමු.

-අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය-
2017-11-12