Posted on 11.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය උපාධිය මුදලට ලබාදෙමින් සයිටම් ආයතනය සිදුකරන ක්‍රියාදාමය ආරක්ෂා කරනු පිණිසත් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන යන අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව හා පෞද්ගලිකකරණ ප්‍රතිපත්තිය පරාජය කිරීමට මව්පියන්ට සිය ජීවිත පරදුවට තබන්නට සිදුව ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
සයිටම් ආයතනය අහෝසි කර අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය අහෝසි කරන ලෙස බලකරමින් වෛද්‍ය ශිෂ්‍ය මව්පියන් අැතුළු වාමාංශික පක්ෂ සහ බහුජන සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද(6) ආරම්භ කෙරෙන මාරාන්ති උපවාසය පිළිබද ප්‍රකාශයක් කරමින් අ.වි.ශි.බ.ම. නියෝජිතයෙක් මේ බව පෙන්වා දෙන ලදී. ශිෂ්‍ය ව්‍යාපාරය වසර ගනනාවක් ගෙනගිය විරෝධතා හමුවේ අධ්‍යාපන අයිතිය පිළිබද කිසිදු පිළිවෙතක් ප්‍රකාශ නොකර සිටි බලවේග පවා සටන් මගට පැමිණ සිටින බවත් සමාජය සයිටම් අහෝසි කරන ලෙස බලකරමින් සිටියදී ආණ්ඩුව සිය දරදඩු පිළිවෙතේ සිටිමින් මව්පිය ජීවිත බිලිගැනීමට අපේක්ෂා කරනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරය ඊට එරෙහිව සියලුම බලවේග සමග එක්ව සටන් වදින බවට අ.වි.ශි.බ.ම. ප්‍රකාශ කරයි.