ස්ථාන මාරු ප්‍රශ්නයක් නිසා ගුවන් තොටුපළේ උණුසුම් තත්වයක් !
Posted on 03.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(22) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් විසින් ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානියා ඒම ආරක්ෂක අංශයේ පරිපාලන ගොඩනැඟිල්ල තුළ රදවාගෙන තිබේ.
ඔවුන් මෙස් තම ඉහල නිලධාරියකු රදවාගෙන අැත්තේ ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකු හදිසි ස්ථාන මාරුවකට ලක්කිරීමට විරෝධය පළකිරීම සදහාය. ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ සාමාජිකයින් විසින් ආරක්ෂක අංශ ප්‍රධානී මාර්ෂල් සම්පත් විතාන ආරක්ෂක අංශයේ පරිපාලන ගොඩනැඟිල්ල තුළ රදවා තිබේ. ඒ් අවස්ථාවේ ගුවන් තොටුපළ සභාපති ඉංජිනේරු සමන් එදිරිවීර එම ස්ථානයට පැමිණ පිරිස සමඟ සාකච්ඡා කර මතුව ඇති තත්වයට පිළියමක් ලබා දෙන තෙක් ආරක්ෂක අංශ ප්‍රධානි තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර, මාර්ෂල් එස්. එන්. ජයතිස්ස එම තනතුරට තාවකාලිකව පත්කළ බව සභාපතිවරයා පවසයි. මේ විසදුම නිසා මේ වන විට යළි සේවා කටයුතු ආරම්භ කළ බවත්, ගුවන් තොටුපළ සාමාන්‍ය තත්වයට පත්ව අැත.