Posted on 03.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන ෙස්වකයන් අද දින සිට පූර්ණ වැඩ වර්ජනයකට ඒළඹී ඇති තත්වය නිසා ඔවුන් සමග සාකච්ඡාවකට යාමට මුදල් අමාත්‍යංශය අද (16) තීන්දු කර ඇත.
වැටුප් වැඩිකිරීමක් අැතුලුව ඉදිරිපත්කරන ඉල්ලීම් ඉටුකරන්නට ඔවුන් පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට වෘත්තිය ක්‍රියාමාර්ග ගත් නමුත් කිසිදු රාජ්‍ය බලධාරියකු එය ගණකට නොගත් නමුත් ඊයේ සිට පූර්ණ වැඩ නැවැත්වීමකට යාමට ඔවුහු තීන්දු කළහ. එම තත්වය තුළ විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වනවා මෙන්ම නැවත විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ කිරීමදෙී විශාල අමතර කාලයක් හා වැයක් දරමින් විශ්වවිද්‍යාල පරිශ්‍ර යථාවත්කරන්නට සිදුවනු ඇත. මේ තත්වය නිසාම මෙතෙක් කිසිදු අවධානයක් නොදුන් අනධ්‍යන සේවක අරගලය සම්බන්ධ අවධානයක් දී සාකච්ඡා කරන්නට බලධාරිහු තීරණය කර ඇත.