தமிழ்
English
Contact
Sunday 25th March 2018    
විශ්වවිද්‍යාල අනධ්‍යයන ෙස්වක ගැටලු වහා විසදන්න - කම්කරු අරගල මධ්‍යස්ථානය අැමතිට ලියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශ්වවිද්‍යාල අනධ්‍යයන ෙස්වක ගැටලු වහා විසදන්න – කම්කරු අරගල මධ්‍යස්ථානය අැමතිට ලියයි



සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන ෙස්වකයන් අද දින සිට පූර්ණ වැඩ වර්ජනයකට ඒළඹීමේ තීරණය හා ඔවුන් විසින් වැටුප් වැඩිකිරීමක් අැතුලුව ඉදිරිපත්කරන ඉල්ලීම් ඉටුකරන්නට වහා මැදිහත්වන ලෙස දන්වමින් කම්කරු අරගල මධ්‍යස්තානය උසස් අධ්‍යාපන අැමතිවරයාට ලියුමක් යවා අැත.
ෙපබරවාරි 28 වැනිදා සිට ෙම් දක්වා ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ග මගින් රජයට බල කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය ෙයාමුකර ෙනාමැතිවීමත් ඒ් නිසා වෘත්තිතකයන් ලෙස ඔවුන්ගේ ජිවිත  මෙන්ම සමස්ත සරසවි පද්ධතිය බිදවැටී අැති තත්වය පිළිබද කම්කරු අරගල මධ්‍යස්ථානය සිය අවධානය ෙයාමුකර අැත.
කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ෙල්කම් දුමින්ද නාගමුව් විසින් අත්සන් කර අැති ඒම ලිපිය මෙසේය.


කබීර් හෂීම් මහතා
අමාත්‍ය,
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.

මහත්මයාණනි,

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් හා වැඩවර්ජනය සම්බන්ධවයි

දිවයින පුරා සියලූම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට වැටුප් වැඩි කිරීම ඇතුළු සිය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වැඩවර්ජනයක නිරතව සිටී. එහෙත්, මේ දක්වා වගකිව යුතු කිසිදු බලධාරියකු ඔවුන්ගේ ගැටලූ පිළිබඳව අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. මේ හේතුවෙන් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත් ඔවුන් තීරණය කර ඇති බව අප වෙත දැනුම් දී ඇත. ජීවන වියදම විශාල ලෙස වැඩි වී තිබෙන තත්වයක් තුළ රාජ්‍ය, පෞද්ගලික ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල සේවකයන්ගේ වැටුප් පොදුවේ වැඩි විය යුතුය යන දැඩි ස්ථාවරයේ අපි සිටිමු. එම පදනම මත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් දියත් කරනු ලබන මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අපි අපගේ සහාය පළ කරමු.
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් පදනම් වී තිබෙන්නේ 2016.08.08 දින උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිගේ අත්සන් සහිතව නිකුත් කර තිබෙන එකඟතා ලියවිල්ලයි. එමගින් ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව හා ඒවා විසඳීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. එසේ තිබියදී එම පොරොන්දුව දුන් පාර්ශ්වය විසින්ම මෙලෙස ඒවා ඉටු නොකර නොසලකා හැරීම කිසිසේත්ම පිළිගත හැකි තත්වයක් හෝ අනුමත කළ හැකි තත්වයක් නොවේ.
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් ඉටු කර සාධාරණ විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා මේ වන විට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට දැඩි ලෙස බාධා සිදුව තිබෙනවා පමණක් නොව වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ක‍්‍රියාත්මක වීමෙන් විශාල හානියක් සිදුවීමටද ඉඩ තිබේ. මේ තත්වය තුළ තවදුරටත් ගොළුවන්, බිහිරන් සේ කටයුතු කිරීමට කිසිවකුටත් අයිතියක් නැති අතර වහාම ඔවුන්ගේ සාධාරන ඉල්ලීම් ඉටු කරන ලෙස අපි බල කොට කියා සිටිමු.

ස්තූතියි,
මෙයට,

දුමින්ද නාගමුව, සංවිධායක ලේකම්
කම්කරු අරගල මධ්‍යස්ථානය
2018.03.15