Posted on 08.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අාණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබාෙදමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නා ලද බව කියමින් අත්සන් කල ගිවිසුම කිසිදු නෛතික වටිනාකමක් නැති සැරසිලි ලියැවිල්ලක් බව හෙළි වී තිබේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට අාණ්ඩුව ප්‍රකාශ කළද පසුව ඒය බදු ගිවිසුමකින් තාවකාලික පදනමින් කළ ගනු දෙනුවක් බව ඔප්පු විය. නමුත් බදු ගිවිසුමක් මගින් අාණ්ඩුව භාරයට ගත් බවයි. කෙසේ වෙතත් ඒම ගිවිසුමෙහි පිටපතක් මේවන විට ප්‍රසිද්ධියට පත්ව තිෙබ්. ඒහි අඩංගු කරුනු අනුව අාණ්ඩුව විසින් පවරාගන්නා ලද දේපළක් බවට ඒහි කිසිදු අාකාරෙයන් සදහන්ව නැත. මේ අනුව රාජිත සේනාරත්න අැමතිවරයා අැතුළු අාණ්ඩුෙව් සයිටම්වාදින් විසින් ජනතාව රවටමින් කළ සංදර්ශනයක් මිස නෙවිල් ප්‍රනාන්දු රෝහල නිසි ක්‍රමෙව්දයකට අනුව මහජන දේළක් බවට පත්කර නොමැති බව සනාථ වේ. සයිටම් අායතනයේ ගැටලුවට මුහුණ දී ගත නොහැකි තැන අාණ්ඩුව මේවැනි වංචනික නාටකයකින් ප්‍රශ්නයෙන් මගහැර යාමට ගත් උත්සාහය මේ අනුව විරෝධයට ලක්ව තිබේ.
පහත පළ වන්නේ අාණ්ඩුව විසින් රෝහල පවරාගන්නා ලද බව කී ඒම ගිවිසුමේ පිටපතකි.
