தமிழ்
English
Contact
Thursday 3rd May 2018    
කොතලාවල විසදුම ගැන සයිටම් හිමිකරුගෙන් ජනාධිපතිට ස්තුතියක් ! « Lanka Views | Views of the truth

කොතලාවල විසදුම ගැන සයිටම් හිමිකරුගෙන් ජනාධිපතිට ස්තුතියක් !



සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කිරීමට තීරණය කිරීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ස්තුතිවන්ත වන බව මාලබේ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
වසර ගණනාවක් රටපුරා විරෝධයට ලක් වූ සයිටම් ආයතනය වසා දමනු වෙනුවට එහි වසර ගනනක් අධ්‍යාපනය ලැබුවත් ගෙවූ මුදලට සාධාරණයක් නොවී පීඩාවට පත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කැදවන ලද සාකච්ඡාවක අවසානයේදී තීරණය කර ඇත.
ඉමහත් බලාපොරොත්තු ඇතිව සිටින සයිටම් සිසුන් වෙනුවෙන් දුන් තීන්දුවට තමා එකග වන බවද සයිටම් සභාපතිවරයා ජනමාධ්‍ය වෙත පවසා ඇත. නමුත් එම සිසුන්ගේ බලාපොරොත්තු ගගට කැපු ඉනි බවට පත් කලේ කිසිදු විධිමත් ක්‍රමයකින් හෝ ප්‍රමිතියකින් තොර හදු මුදල් ඉපයිම පරමාර්ථයෙන් වංචනික ලෙස සයිටම් ආයතනය පිහිටුවා ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුම බව සයිටම් සිසුන්ට අමුතුවෙන් කියා දිය යුතුද නැත. කෙසේවෙතත් සයිටම් ආයතනය අහෝසි කර එහි ශිෂ්‍යයන් අතුරින් වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය අවම සුදුසුකම් ඇති අයට රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය විධිමත් ලෙස ලබාගන්නට අවස්ථාව සලසන ලෙස මින් පෙරාතුව වෛද්‍ය පීඨ ආචාර්යවරු මෙන්ම සයිටම් හොර උපාධි කඩයට මුල සිටම විරෝධය පල කළ ශිෂ්‍ය ව්‍යාපාරය විසින්ද යෝජනා කරන ලදී. ජනාධිපතිවරයා නැවත වරක් සයිටම් සිසුන්ට ලබා දී ඇත්තේ බාග විසදුමක්ව තිබියදී වුවද සයිටම් ආයතනය තවමත් අහෝසි කර නැති වීම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ ස්තුතියට හේතුවක් වන්නට ඇත.