தமிழ்
English
Contact
Monday 12th March 2018    
නෙවිල්ගෙන් රජයට පවරාගත් බව රාජිත කී රෝහලේ හොර දොස්තරලා 18ක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නෙවිල්ගෙන් රජයට පවරාගත් බව රාජිත කී රෝහලේ හොර දොස්තරලා 18ක් !



නීත්‍යනුකූල නොවන සහ සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 18 දෙනෙකු මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සේවය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් හරිත අලුත්ගේ චෝදනා කරයි.
පසුගිය 07 වැනිදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවැසුවේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගේ නාම‍ලේඛනයක් තමන් සතු බවයි. පසුගිය කාලයේ පැවැසූ අාකාරයට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බවද මහා භාණ්ඩාගාරයෙන් මාසයකට රුපියල් මිලියන 300ක මුදලක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වෙන් කරන බවද හෙතෙම පැවැසීය. එබැවින් වෛද්‍යවරු නොවන මෙම පිරිසට වැටුප් ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ සාක්කුවෙන් නොව මහා භාණ්ඩාගාරයෙන් වෙන්කරන මහජන මුදල්වලින් නිසා සෞඛ්‍ය ‍ලේකම්වරයා වහාම මේ සම්බන්ධව කරුණු පැහැදිලි කළ යුතු බව හෙතෙම කීය.
ඒපමණක් නොව මෙවර හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීමේදී නෙවිල් ප්‍රනාන්දු රෝහලට හෙද නිලධාරීන් 39 දෙනෙකු අනුයුක්ත කර ඇත.  සුදුසුකම්ලත් මෙම හෙද නිලධාරීන්ගේ ලිපිගොනු කාසල් රෝහ‍ලේ ඇති බවද කාසල් රෝහලෙන් වැටුප් ගෙවමින් නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සේවය කිරීම හරහා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා නැති බව සනාථ වන බවද ‍වෙෙද්‍ය සංගම් ලේකම්වරයා ප්‍රකාශ කළේය. ඒපමණක් නොව රජයට අයත් නොවන රෝහලක රජයේ වැටුප් ලබන හෙද නිලධාරීන් යොදවන්නේ කෙසේද යන්න විමර්ශනය කළ යුතු බවද ඔහු පැවැසීය.