தமிழ்
English
Contact
Thursday 5th April 2018    
පළාත් පාලන මැතිවරණයෙන් දූෂිතයන්ට ඒන්න කිසිදු ඉඩක් නෑ ! - ලාල් කාන්ත | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් පාලන මැතිවරණයෙන් දූෂිතයන්ට ඒන්න කිසිදු ඉඩක් නෑ ! – ලාල් කාන්ත



පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණයේදී දූෂිතයන්ට කිසිදු ඉඩක් හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් පැවසුවේ මීට පෙර පැවති ඡන්ද ක්‍රමයේදී දේශපාලඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද දූෂිත ක්‍රියාවල නිරත වූ බවයි. පළාත්පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සදහා සිදුකළ සංශෝධනවලදී ඒක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය,  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ෙමෙත්‍රි පාර්ශ්ව සහ මහින්ද පාර්ශ්වය, සමග ජනතා විමුක්ති පෙරමුණ ඒකතු වූ අතර ඒම පනත සම්මත කිරීමේදී සියලු මැතිවරණ ක්‍රමය තුළ පැවති අඩුපාඩු සියල්ල සමනය වන බවට ජ.වි.පෙ. නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ ලදී. ඒළඹෙන පළාත්පාලන මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ තරග කරන්නේද ‘දූෂණය පරදවන ජවය’ යන තේමාව අැතිවය. කෙසේෙවතත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැළියෙදී ලාල් කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කළ ප්‍රකාශය අදාළ වන්ෙන් තේරී පත්වන ජ.වි.පෙ. නියෝජිතයන්ට පමණක්ද නැතිනම් සියලු පක්ෂ නියෝජනය කරමින් පත්වන්නට නියමිත 8567ක් වන සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවටදැයි ඔහු පැහැදිලි කළේ නැත.