தமிழ்
English
Contact
Tuesday 13th February 2018    
බැදුම්කර විවාදය 8 වැනිදාට පෙර දෙන්න - ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැදුම්කර විවාදය 8 වැනිදාට පෙර දෙන්න – ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි



බැඳුම්කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය සඳහා 8 වනදාට පෙර දිනයක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අාකාරයට පෙබරවාරි 8 වනදා විවාදය පැවැත්වීමේදී මැතිවරණ නීතිරීති සමග ගැටෙන බවය. ඒ් නිසා විවාදයේ කරුණු නිසි ලෙස ජනතාව හමුවට ගෙන යාමේ බාධා මතුවිය හැකි බැවින් විවාදය 8 වැනිදාට පෙර සිදුකළ යුතු බව ඔහු පවසා අැත.
මේ අතර කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ මෙම විවාදය පෙබරවාරි 10 වැනිදාට පසුව පැවැත්වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායක රැස්වීමකදී ඒකගතාව පළ වූ බවය. ඒ් අවස්ථාවේදී ජ.වි.පෙ. පාර්ගිමේන්තු මන්ත්‍රිවරු ඊට විරෝධය පළ කළ බවක් වාර්තා වී නැත.