தமிழ்
English
Contact
Saturday 17th February 2018    
අපි විපක්ෂ භූමිකාව ඉටු කළා, දැන් අාණ්ඩු බලයක් දෙන්න පවා සුදුසුයි - ජ.වි.පෙ. නායක අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි විපක්ෂ භූමිකාව ඉටු කළා, දැන් අාණ්ඩු බලයක් දෙන්න පවා සුදුසුයි – ජ.වි.පෙ. නායක අනුර දිසානායක



අන් කවර විපක්ෂයකටත් වඩා හොදින් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ කාර්ය ඉටු කළ නිසා අාණ්ඩු බලය ලබා දෙන්නට සුදුසු බව ඒම පක්ෂයේ නායක අනුර දිසානායක පවසයි.

“රනිල් මහත්තයා ඒක පැත්තකින් ඡන්ද ටික ගන්නවා, මමෙත්‍රි මහත්තයා අනෙක් පැත්තෙන් චන්ද ටික ගන්නවා, ෙපබරවාරි 11 වැනිදා ඒ් මලු ෙදකම ඒකට දාලා රටේ සියලු ජනතාව අාණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කර අැත කියලා කියයි.” යනුවෙන් ජ.වි.පෙ. නායකයා ඒහිදී ප්‍රකාශ කර තිබිණි. ඒ් නිසා ඔවුන්ට ඡන්දය නොදෙන ලෙසත් තම පක්ෂයට අවස්ථාව ෙදන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ෙම් බව ඔහු ප්‍රකාශ කළේ ජවිපෙ අපෙක්ෂකයන් දිනවීමේ අරමුනින් ඊයේ(18)  ජාඅැල ප්‍රදේශයේ පැවති මැතිවරන රැළියක් අමතමිනි.  ඊට අමතරව විවිධ පනත් සම්මත කිරීමේදී අාණ්ඩුවට පක්ෂව අත ශසවන්නට ජවිපෙ ක්‍රියා කළ අතර අැතැම් ජනතා විරෝධී පනත් කිසිදු අභියෝගයකින් ෙතාරව සම්මත කරගන්නට අාන්ඩුවට හැකි විය.

 

2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය ෙපරලා දමන්නට බලවේග රාශියක් ඒ්කරාශිව සිටියදී සුප්‍රකට “මහින්දගෙ කඩේ බඩු හොද නෑ. ඒ් නිසා ඒ්ක අතහරිමු, ඒ්ත් මෙෙත්‍රිපාලගෙ කඩේ බඩුත් ෂුවර් නෑ” කියමින් වත්මන් හවුල් පාලනයට බලයට පත්වීමට අනියමින් අාධාර දීම ජවිපෙ විසින් සිදුකරන ලදී.  ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනාධිපතිවරණයෙන් පසුව දින 100 කාලය තුළ ජාතික විධායක සභාවේ හිදිමින් අාණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ අභියෝගය බිද හෙලීමට සහයෝගය දුන්නේය.  අනතුරුව 2015 අගෝස්තු මසදී මහමැතිවරණයෙන් පසුව අාණ්ඩුව විසින් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජවිපෙ නායකයාට ලබා දෙන ලදී. දූෂණ මර්දන කාර්යාලයේ ප්‍රධාන භූමිකාවද ඔහුට හිමි විය.

කෙසේ නමුත් පළාත්පාලන මැතිවරණයේදී ජනතාව හමුවේ අාණ්ඩුව ලදබල ලෙස විවේචනය කරමින් ඡන්ද ඒකතු කරගන්නට ජවිපෙ කථිකයන් කටයුතු කරයි. මේ දක්වා අාණ්ඩුව සමග සිටීමේ වගකීමෙන් අතපිසදා ගත් ජවිපෙ නායකයා මෙසේ සිය විපක්ෂ භූමිකාව ස්වයං වර්ණනාවකට ලක්කර අැත.