தமிழ்
English
Contact
Monday 12th March 2018    
සයිටම් විරෝධී පාගමන නුවර සිට මාවනැල්ලට පැමිණේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම් විරෝධී පාගමන නුවර සිට මාවනැල්ලට පැමිණේ!



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹි පාගමන පළමු දිනය මාවනැල්ල නගරයෙන් අවසන් විය.

සයිටම් අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු. රාජ්‍ය ආයතන විකිණීම නවතනු, ශ්‍රම කොල්ලය තීව්‍ර කරන එට්කා එපා, පාසලතුල මුදල් අයකිරීම නවතනු, සරසවි බඳවා ගැනීම් ඉහල දමනු යන සටන් පාඨ වලින් සමන්විත වූ පාගමන සදහා විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඇතුළු දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වූහ. පාගමන අවසානයේ විරෝධතාකරුවෝ සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ අනුරුව සහිත පඹයකු පිළීස්සූහ.

මෙම විඓා්ධතා පාගමන අගෝස්තු මස 04 වැනි දින කොළඹ නගරයට ළගා වීමට නියමිතය.

 

Save

Save

Save

Save