தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
අැමති රංගේ බණ්ඩාර වාහන වංචා නඩුවෙන් නිදොස් කර නිදහස් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අැමති රංගේ බණ්ඩාර වාහන වංචා නඩුවෙන් නිදොස් කර නිදහස් කරයි



නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීත්‍යානුකූල බවට හැඟවීමට අනුබල දුන් බවට චෝදනා එල්ල වූ නඩුවෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද නියෝග කළා.

නීතිපතිවරයා විසින් පවරා තිබුණු මෙම නඩුවේ එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහ තවත් අයෙකු නම් කර තිබිණි. අද දිනයේ නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී එම වාහනය ලබා ගත් පුද්ගලයා අධිකරණය හමුවේ කියා සිටියේ තමන්ට වාහනය සම්බන්ධයෙන් සියලු  ලියකියවිලි රාජ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් බවයි. පසුව නීතිපතිවරයා විසින් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලදී.