Posted on 09.03.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කටුපොල් මගින් සිදුවන පාරිසරික විනාශයට එරෙහිව ජනතාව දැන්වත් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගා ව්‍යාපාතියට එරෙහිව ජනතාව සමග එක්ව හඩ නගමින් ක්‍රියාකාරිව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගෙන සිටි අඳුරත්විල චන්ද්‍රෙජා්ති හිමි අද(03) ඇප මත නිදහස් කර තිබේ.
කටුපොල් වගාකරන ආයතනයක් ලෙස ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ නමුනුකුල ප්ලාන්ටේෂන් සමාගම් බලධාරින් විසින් කළ පැමිණිල්ලකට අනුව, ඒ හිමියන් අත්අඩංගුවට ගෙන පසුගියදා (අගෝස්තු 27) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. මේ පිළිබඳ නඩුව නැවත දෙසැම්බර් 17 විභාග වීමට නියමිතව තිබේ.
චන්ද්‍රජෝති හිමිට අද දින ඇප ලබා නොදී සිටින පරිදි කටයුතු සැලැස්වීමට බද්දේගම පොලීසිය සහ ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ නමුනුකුල ප්ලාන්ටේෂන් සමාගම් බලධාරින් විශාල පරිශ්‍රමයක් දරා තිබේ. අදාළ සමාගමේ උපදෙස් පිට බද්දේගම පොලිසිය මෙම වතු සමාගම රජයේ දේපළක් ලෙස නම් කිරීමට හැකියාවක් පවතීද යන්න බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් පවා විමසා තිබේ. නමුනුකුල ප්ලාන්ටේෂන් රජයේ දේදේපළක් ලෙස නම් කිරීම හරහා රාජ්‍ය දේපළවලට අලාභානි කිරීමේ චෝදනා එල්ල කොට චන්ද්‍රජෝති හිමි ඇප ලබා නොදී තවදුරටත් සිරගත කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි.
නමුත් එම අරමුණ සාර්ථක නොවීම නිසා මෙන්ම කටුපොල් වගා ව්‍යාප්තියට විරුද්ධ ජනතාව , වාම ක්‍රියාකාරීන්, පරිසරවේදීන්ගේ උද්ඝෝෂණ සහ විවිධ විරෝධතා ක්‍රියාමාර්ග නිසා අධිකරණයට ඇප ලබාදීමට සිදුවිය.
පරිසර හානිය සලකා කටුපොල් වගාවට අවසර නොදෙන බව පාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද විවිධ ව්‍යපාරික සමාගම් අනවසරයෙන් හා හොර රහසේ කටුපොල් වගාව ව්‍යාප්ත කරමින් සිටී. මේ නිසා පාරිසරික ගැටලුවලට මුහුන දෙන ගාල්ල, මාතර, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල ජනතාව, පසුගිය කාලය පුරා පරිසරවේදින්, වාම ක්‍රියාකාරින් සමග තම ගම් ප්‍රදේශවල කටුපොල් වගාවන්ට එරෙහිව උදඝෝෂණ ආරම්භ කළහ. ගාල්ල ප්‍රදේශයේ කටුපොල් වගා ව්‍යාප්තියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ කළ ජනතාව සමග චන්ද්‍රෙජා්ති හිමි ඉදිරියෙන්ම සිටි අතර සමාගම් විසින් ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලේ ඉලක්කයක් වී තිබෙන්නේ ඒ නිසාවෙනි. නමුත් කුමන ආකාරයේ මර්දනයක් පැමිණියත් කටුපොල් වගාව නවත්වන තුරු තම සටන අත් නොහරින බව ගාල්ල පරිසර සංවිධාන එකමුතුවේ ප්‍රකාශකයෙක් ලංකා වීව්ස් වෙත පැවසීය.