Posted on 11.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කින්නියා ප්රදේශයේදී පාලම පාරුව පෙරළීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනෙකු දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.
පොලිසිය විසින් සැකකරුවන් අද ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
පාලම් පාරුවේ ක්රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ත්රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.
අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු රෝහල්ගත කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කින්නියා පොලිසිය විසින් සිදුකරයි.