Posted on 11.09.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ රෝගාතුරව සිට අද (9) අභාවප්‍රාප්ත විය.
මියයන විට 64 වැනි වියෙහි පසුවූ ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේනගේ ජීවන සහකරු විය.
ජනප්‍රිය ගීත ලෙස ‘මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා’ ආදී ගීත ගණනාවක් ගායනා කිරීමෙන් ඔහු රසික ප්‍රසාදය දිනාග සිටියේය.
ඩබ්.ඩී.අමරදේව ගැයූ ගීත ‘ප්‍රේම සැඳෑවෝ‘ කැසට් පටයට ගායනය කිරීම නිසා විවාදාත්මක නීති ගැටලුවකට මුහුණ දුන් ඔහු පසුව නීතිමය වශයෙන් නිදොස් බව අනාවරණය විය.
ගායන ශිල්පී ඩබ්.ඩී.ආරියසිංහ මහනුවර ප්‍රදේශයේ ඉපිද පාසැල් අධ්‍යාපනය අවසන් වීමත් සමග ඔහු රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයයට ඇතුලත් වී ගායනය සහ වාදනය හැදෑරීය. පසුව විශාරද උපාධිය ලැබූ ඔහු සංගීත ආචාර්යවරයකු ලෙස සේවය කළේය. පසුව, ගුරු වෘත්තීයෙන් ඉවත්වී පූර්ණකාලීනව සංගීතඥයකු ලෙස කටයුතු කළේය.
ටික කලකට පෙර මුහුණ දුන් හදිසි අනතුරක් නිසා පාදයක ශල්‍යකර්මක් කරන ලද පසුව, මාස තුනක් පමණ විවේකීව කල්ගෙවීමට වෛද්‍ය උපදෙස් ලැබුණු ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පැවතියද පසුව හදිසියේ අභාවයට පත්ව ඇත.
