දිවයින පුරා අධ්‍යාපන විද්‍යාපීඨ 11ක විවිධ ක්ෂේත්‍රයන්හි ගුරු පුහුණු පාඨමාලා සම්පූර්ණ කළ ගුරු අභ්‍යාසලාභින්ගේ ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සව සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
අධ්‍යාපන විද්‍යාපීඨ ගණනාවක මෙසේ අධ්‍යාපනවේදී ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානොත්සව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණු අතර ඒ සදහා සංවිධාන කටයුතුවලට හා සමරු කලාප සදහා රුපියල් ලක්ෂ ගණන් වැය කර එක් එක් අධ්‍යාපන විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ උත්සවවලට සහබාගි වන්නට දැනුම් දී තිබිණි. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝගයකට අනුව අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා ප්‍රදානොත්සව සියල්ල අවසන් මොහොතේ අවලංගු කර ඇත. මෙසේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කල්දැමීමට තීරණය කර ඇත්තේ එම ඩිප්ලෝමාධාරී ගුරු අභ්‍යාසලාභීන් පසුගිය වසරේ මෙන් අරලියගහ මන්දිරයට කැදවා දේශපාලන උත්සවයක් ලෙස අගමැතිවරයාගෙන් එම සහතික පත්‍ර ලබාදීමේ අරමුනින් බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ සිදුකළ ආකාරයට අරලියගහ මන්දිරය දේශපාලන වශයෙන් ආණ්ඩුවට වාසිදායක ප්‍රචාරක රැස්වීම් ස්ථානයක් බවට පත්ව ඇති අතර සිය උත්සාහයෙන් අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් ගුරු අභ්‍යාසලාභීන් මෙලෙස අපහසුතාවට පත් කරමින් ආණ්ඩුවේ ප්‍රචාරක උත්සවයකට කැදවීම සම්බන්ධ විරෝධය පළ වෙමින් තිබේ.