தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
අගුණකොලපැළැස්ස බන්ධනාගාරයේ විරෝධතා අවසන් - රැදවියන් පිටතට යාම සම්බන්ධ විමර්ශන ඇරඹේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගුණකොලපැළැස්ස බන්ධනාගාරයේ විරෝධතා අවසන් – රැදවියන් පිටතට යාම සම්බන්ධ විමර්ශන ඇරඹේ!



අගුණකොලපැළැස්ස විශේෂ බන්ධනාගාරයේ රැදවියන් සියයක් පමණ පසුගියදා ආරම්භ කළ විරෝධතාව බලධාරින් සමග කළ සාකච්ඡාවකින් පසුව අද (22) අවසන් කෙරිණි.

බන්ධනාගාර ආරක්ෂකයන් ලෙස විශේෂ කාර්ය බලකාය යෙදවීමත් රැදවියන් බලන්නට එන ඥාතින් ඔවුන්ගේ පරික්ෂාවට ලක්කිරීමත් මෙම විරෝධයට හේතු විය. දිවයින පුරා සියලුම බන්ධනාගාරවලට විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර බලධාරිහු පවසති. බන්ධනාගාර ආරක්ෂකන් වෙනුවට සන්නද්ධ භටයන් යෙදවීම ගැන විවිධ අංශවිල්න විරෝධය පළ කෙරුණද ආණ්ඩුව එම තීරණය වෙනස්කර නැත.

මේ අතර විරෝධතා පැවැත්වූ රැදවියන් ආරක්ෂක රැකවල්වලින් මිදී බන්ධනාගාර නිරීක්ෂණ කුලුණට ඇතුළු වූයේ කෙසේද යන්න සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.