Posted on 11.26.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමති පුද්ගලයා අද අලුයම කළුතරදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු සන්ෂයින් සුද්දා නැමැත්තාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි.
ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි සැකකරු එම පිස්තෝලයෙන් පොලිසියට වෙඩිතැබූ බවත් පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් අදාළ සැකකරු මියගිය බවත් පොලිසිය පවසයි.
කළුතර කොට්ඨාස අපරාධ අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද පොලිසිය පැවසීය.