Posted on 11.19.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීයකු, කවියකු හා සාහිත්‍යකරුවකු වූ සිරිලාල් කොඩිකාර අභාවයට පත් විය.
ඔහු ‘ඇත්ත’ පුවත්පතේ සේවය කරමින් බී.ඒ.සිරිවර්ධන විසින් ආරම්භ කළ සටන්කාමී පුවත්පත් කලා සම්ප්රදායක් පවත්වා ගෙන යාමේ පුරෝගාමියකු විය.
1924 වසරේ අගෝස්තු 27 වැනිදා උපන් සිරිලාල්, කවියකු ලෙස දේශපාලන උපහාසය පද බැඳීමට රුසියකු විය.
පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමග රැකියාවකට පිවිසි ඔහු 1947වන විවිධ පුවත්පත් හා සඟරාවලට ලියුවේය. ක්‍රමයෙන් ඔහු පුවත්පත් ලේඛන කලාවට උනන්දු විය. ඔහු 1948 දී ‘සිංහල ජාතිය, පුවත්පතට සම්බන්ධ වෙමින් වෘත්තිය පුවත්පත්කලාවේදියකු විය. 1964දී ‘ඇත්ත’ පුවත්පතට සම්බන්ධ වූ ඔහු එහි ලියූ විශේෂාංග කවි තීරුවලින් ඔහු ජනතාවගෙන් ඈත්වන පාලකයන්ට ඍජු ලෙස උපහාසාත්මක විවේචනයන් ඉදිරිපත් කර තිබේ. එසේම ඔහු ‘හත් හවුල් කවි මඩුව’, ‘රඟදෙන බයිලා’ වැනි කවි විශේෂාංග ඇත්ත පුවත්පතට ලිවීය.
‘රංචාගොඩ ළමයා’ කවි විශේෂංගය ලියමින් ‘ඇත්ත’ පුවත්පත හරහා ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි පාලකයන් අභියෝගයට ලක් කළේය.
සිය කාව්‍ය මෙන්ම පුවත්පත් රචනා එකතු කරමින් ‘කැලිස්ටාගේ සවාරිය’, ‘ටයර් සෑය’, ‘කනේරු මල්’, ‘මා දුටු කෝසල සිහින’,’ලෙයින් ලියූ කවි’, ‘නොරජුන්ගේ අන්තහ්පුරය’, ‘ගහෙන් වැටුණු ගැහැනිය’, ‘නයිල් ගඟේ කෙස් ගස’, ‘විශ්වය තුළ විශ්ව’ ආදී කෘතීන් ඔහු විසින් පළ කරනු ලැබිණි. ‘ඇත්ත’ පුවත්පතේ ලියු ‘රංචාගොඩ’ ළමයා කවි තීරුව ඔහු පසුකාලයක සිළුමිණ පුවත්පතට ලිවීය. පුවත්පත් කලා ජීවිතයේ මතකසටහන් හා අත්දැකීම් අලලා “දියවැලක් ඔස්සේ” සහ ” මගේ සාක්කිය”නමින් කෘති දෙකක් රචනා කළ ඔහු මිය යන විට ඔහුට වයස 97ක් විය.
ඔහුගේ දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
සිරිලාල් කොඩිකාර පිළිබඳ ‘සිළුමිණ’ පුවත්පත පළ කළ ලිපියක් පහත සබැඳියෙන්
