Posted on 11.12.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර රෝගී තත්වයෙන් ප්‍රතිකාර ලබන අතර අද(12) දින අභාවයට පත් විය.
වෘත්තියෙන් සංගීත ගුරුවරයකුව හිඳිමින් ඔහු කලා ක්ෂේ්ත්රය තුළ මං සලකුණු තැබීය. 73 හැවිරිදි ජ්‍යෝෂ්ඨ කලාකරුවා සුවිශේෂී ගායන විලාසයක් මෙන්ම ඍජු පිළිවෙත් සහිත පෞරුෂයක් සිය කලා ජීවිතයේ උරුම කරගෙන සිටියේය.
ගායනයට අමතරව රංගන ශිල්පියකු ද වූ ඔහු ටෙලි නාට්‍ය ගීත මෙන්ම ළමා ගීත ගායනය කරමින් උසස් ගීතාවලියක් දායාද කළේය. එපමණක් නොව, ඔහු ටෙලි නාට්‍ය සංගීත නිර්මාණකරුවකු ලෙසද රාජ්‍ය සංගීත උපදේශක සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය.
ලක්ෂමන් විජේසේකරගේත් මින් දෙවසරකට පෙර අභාවයට පත් රංගන ශිල්පිනී චන්ද්‍රා කලුආරච්චිගේත් දියණිය, කලා ශිල්පිනී අමා ශාක්‍යා (කැටිපේආරච්චි) වන අතර පුත්‍රයා විහඟ විජේසේකර ය.
අභිවයට පත් කලාකරුවාගේ දේහය රසික ගෞරවය පිණිස හෙට දින කලාපුරයේ නිවසේ තැන්පත් කර තබනු ඇති අතර අවසන් කටයුතු නොවැම්බර් 14 දින ගල්කිස්ස සුසාන භූමියේදී සිදු වේ.