தமிழ்
English
Contact
Monday 6th May 2019    
කොළඹ සිදුවූ පැහැරගැනීම් ගැන නාවික උසස් නිළධාරීන් දැන ඉඳලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ සිදුවූ පැහැරගැනීම් ගැන නාවික උසස් නිළධාරීන් දැන ඉඳලා



2009 වසරේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිදුවූ පැහැරගැනීම් සම්බන්ධව නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා සහ නාවික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ආනන්ද ගුරුගේ ඇතුලුව උසස් නිලධාරීන් දැන සිට ඇති බව අපරාධ විමර්ශන ඒකකය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.

මේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මේ නඩුවේ දෙවන සැකකරු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන මස 4 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

රාජපක්ෂ පාලනය පැවති 2009 වසරේ ජනවාරි මස 11 වැනිදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල සහ කොටහේන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගැනීමේ සිදුවීම අනාවරණය වී ඇත්තේ නාවික බුද්ධි අංශ අධ්‍යක්ෂ ආනන්ද ගුරුගේට විරුද්ධව ඇති තවත් චෝදනාවක් වන සිසුන් එකොළොස්දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධව විමර්ශන සිදුකිරිමෙදියි.