අද දිනට යෙදී ඇති කෙන්යානු මහ මැතිවරණය ඉතා තියණු මුහුණුවරක් ගන්නා බව විදෙස් මාධ්‍ය ප්‍රකාශකරයි. අද පාන්දර සිට ඡන්දය ලබාදීම සදහා කෙන්යානුවන් මිලියන 19ක් සූදානමින් සිටින බව වාර්තාවේ.
මැතිවරණ කටයුතු ඉතා උණුසුම් මුහුණුවරක් අවසන් දින කිහිපය තුල පත්ව තිබෙන අතර ප්‍රධාන පාර්ශවයන් දෙක නියෝජනය කරනු ලබන්නේ දැනට බලයේ සිටින උහුරු කෙන්යාටා හා එරට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂක රයිලා ඔඩින්ගා යන දෙදෙනාය.
මොවුන් දෙදෙනාම සිය අවසන් ප්‍රචාරක කටයුතුවලදී ගෝත්‍රික මනෝභාවයන් ඉස්මතු කරමින් පැවැත්වූ කතා හේතුවෙන් කෙන්යානුවන් යම් බෙදීමකට ලක්ව සිටින බවද මැතිවරණ නීරීක්ෂණයයේ යෙදෙන පාර්ශ්ව හෙළිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය දින එරට ජනාධිපතිවරයා සිය රුපවාහිනිය කතාව මගින් ඉල්ලා සිටියේ මැතිවරණ දිනයේ සියලු දෙනාම සාමාකාමීව තම ඡන්දය පාවිච්චි කිරීමට කටයුතු කරන ලෙසයි. මේ වන විට දෙපාර්ශය වෙතින් යම් යම් ප්‍රචන්ඩ ක්‍රියා සිදුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2013 මැතිවරණයට වඩා ඉතා තියුණු බෙදීමක් දක්නට ලැබෙන බව මෙවර මැතිවරණයේදී පෙනෙන්නට තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සීටි. මන්ද විරැද්ධ පක්ෂ විසින් වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව විශේෂයෙන් චීන ආයෝජන උපයෝගීකර ගෙන රට තුල ගොඩ නගන ලද යටිතල පහසුකම් ඉදිකිරීමේදී මහා පරිමාණ වංචා දූෂණ කළ බවට චෝදනා එල්ල කර ඇත.
මැතිවරණ ප්‍රථිඵල අවසානයේ විවිධ ගෝත්‍රික අතර ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරයාමේ අනතුරක්ද පවතින බවද විදෙස් දේශපාලන නිරීක්ෂණ කණ්ඩායම් අනතුරු අගවා ඇත.
2007 වසරේ පැවැති මැතිවරණ ප්‍රථිපළ වලින් පසුව පුද්ගලයෝ 1200ක් පමණ මියගිය අතර ලක්ෂ හයක පමණ පිරිසක් අවතැන්ව විශාල හානියක් කෙන්යාවට සිදුවිනි.