ලන්ඩනයේදී ඇල්ලූ ලාංකිකයන් නිදහස් කරයි!

අප්‍රේල් 11 වැනිදා ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකික තමිල් පුද්ගලයන් සිව්දෙනා ප්‍රශ්න කිරීම් අවසානයේ මුදා හැර ඇත.

බ්‍රිතාන්‍යය‌ේ තහනම් කළ සංවිධානයකට අයත් බව පැවසෙන ඔවුන් පසුගිය 10 වැනිදා පසුවරුවේ ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලට පැමිණ ඇති අතර 11 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේය. ඉන්පසුව බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කළ බවද විමර්ශනවලින් අනතුරුව එම සිව්දෙනා මුදා හැර ඇති බවද පොලිසිය පවසයි. මොවුන් නිදහස් කරන තුරුම මෙරට පුරවැසියන් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලංකාවේ බලධාරින් කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීමද විශේෂත්වයකි.

Chandana Sirimalwatte :