ඊයේ(21) දිනය මුලුල්ලේ කිලිනොච්චි දිස්ත්‍රික්කයට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජල ගැලීම් ඇති වීමෙන් විශාල පිරිසක් අවතැන්වී සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන ආකාරයට ප්‍රදේශයට 20 සවස්යාමයේ සිට මිලිමීටර 250 කට වැඩි වර්ෂාපතනයක් ලැබීමෙන්, කිලිනොචිචිය ඉරණමඩු ජලාශය වාන් දැමීම සහ පහත් බිම් රැසක් යටවි ඇති බවද වාර්තා වේ. ඇතිවූ ජලගැලීම් හේතුවෙන් කිලිනොච්චිය , පණ්නන්කන්ඩි , රත්තිනපුරම්, ආනන්දපුරම්, පොන්නගර්, පෙරියකුලම්, තම්බිරාසපුරම්, උලවනූර් යන ගම්මාන යටවී පවුල් 300 අධික පිරිසක් අවතැන්වී ඇත.
මාන්කුලම වැව කැඩීයාම හේතුවෙන් A9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන පිරිස් වෙත අවදානමෙන් ගමන් ගන්නා ලෙස ප්‍රදේශයේ ආරක්ෂක අංශ ඉල්ලීම් කරයි. අවතැන් පිරිස් කිලිනොච්චිය යුද හමුදාව හා ආරක්ෂක අංශ ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ජීවිතාරක්ෂක බෝට්ටු යොදාගනිමින් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් බේරා ගැනිණි.
මේ වර්ෂාපතනය නිසා වාන් මට්ටම අඩි 36ක් වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 37 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් කිලිනොච්චයේ අනෙකුත් වැව් පිටාර මට්ටමට පැමිණි ඇත.