தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
අනතුරු ඇගවීම් තිබුණා-මේ තරම් ප්‍රහාරයක් බලාපොරොත්තු වුනේ නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනතුරු ඇගවීම් තිබුණා-මේ තරම් ප්‍රහාරයක් බලාපොරොත්තු වුනේ නෑ!



වේලාසන ප්‍රහාර මාලාවක් පිළිබද ආරක්ෂක බුද්ධි අංශ වාර්තා කළත් මේ තරම් මට්ටමේ ප්‍රහාරයක් තමන් අපේක්ෂා නොකළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු බවසයි.

අද කොටහේන ශාන්ත අන්තෝනි පල්ලයේ විනාශය නිරීක්ෂනය කර පිටව යන අවස්ථාවේ විදේශ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නවලට සිය මෝටර් රථයේ සිටම පිළිතුරු දුන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඉහත කරුණ දැක්වීම සිදුකළේය. සංචාර හෝටල් සම්බන්ධ ආරක්ෂාව සලසන්නට කටයුතු කරනවාදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් හේමසිරි ප්‍රනාන්දු සංචාරක හෝටල්වල ආරක්ෂාව තමන් විසින්ම සලසා ගතයුතු බව පැවසීය. විශාල සමාගම් විසින් සංචාරක හෝටල් ඉදිකර තිබෙන බවද ඒ්වාගේ අයකිරීම් විශාල බවද ඒහෙත් ඒ්වා ආරක්ෂා කිරීමට වියදම් කරගත යුත්තේ ඒ් සමාගම්බවද පැවසීය. මහජන දේපළ ආරක්ෂා කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට විශාල බරක් ඇති බව පැවසූ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සිදුව ඇති සිදුවීම් සම්බන්ධයෙන් වේලාසන අනතුරු ඇගවීම් සිදුව තිබුණු බව පිළිගත්තේය. ඒවැනි අනතුරු ඇගවීම් කර තිබුණත් මේ තරම් විශාල ප්‍රහාර අපේක්ෂා නොකළ බව ඔහු කිසිදු කම්පනයක් නොමැති ලෙස කියා සිටියේය.