Posted on 04.22.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතාව මරාදමමින් සිදුකළ අන්තවාදී ප්‍රහාරය පිළිබද ප්‍රභූ ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණු බවද තමන්ගේ ආරක්ෂාව වැඩිකර තිබුණු බවද ප්‍රකාශ කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඒහෙත් ඒ් ගැන තමන් දැන සිටියේ නැති බවට බොරු ප්‍රකාශයක් සිදුකර ඇත.
අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී මේවනවිටත් සමාජමාධ්‍ය හරහා පුසිද්ධ වී ඇති ලියුමක් ගෙන හෑර පාමින් විපක්ෂනායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ අප්‍රේල් 11 වැනිදා තරම් වේලාසන මෙවැනි ලියුමක් මගින් ප්‍රභූ ආරක්ෂක අංශ වෙත අනතුරු අගවා තිබුණද ආණ්ඩුව මෙම ප්‍රහාර වැලැක්වීමට කිසිදු වගකිවයුතු මැදිහත්වීමක් නොකළ බවය.
විපක්ෂනායකවරයා තමන්ට මේ ප්‍රහාර සම්බන්ධව ආරක්ෂක අංශ විසින් වේලාසනින්ම අනතුරු අගවා තිබුණු බව මාධ්‍ය හමුව ආරම්භයේදීම මෙසේ ප්‍රකාශ කළේය.
“අපිට ලිපියකින් දන්වලා තිබුණා, ඒක ජනතාව දැනුවත් කළා නම් මෙතරම් සංඛ්‍යාවක් මිය යන්නේ නැහැ. “
ඒහිදී විපක්ෂනායක ලෙස ඔබ මේ සම්බන්ධ දැන සිටි නිසා ඔබ මෙය හෙළිදරව් නොකළේ ඇයිදැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය. ඒවිට අමනාප ස්වරයකින් පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා, ”මමද? මං දැනගෙන හිටියා නම් අවුරුදු දවස්වල නුවරඒළියේ කෝවිල්වල පන්සල්වල ඇවිදින්නට යනවද?” යන ප්‍රශ්නයෙන් දමා ගසමින් ඒම කාරණයේ වගකීමෙන් ලිස්සා ගියේය. ඇත්ත වශයෙන්ම විපක්ෂනායකවරයා මෙම සිදුවීමේ වගකීමෙන් මිදී ආණ්ඩුවට පහර ඒල්ල කිරීමට උත්සාහ කළද අසළ සිටි විමල් වීරවංශ විසින් ප්‍රකාශ කළේද ඒවැනිම ලිස්සා යන සුලු ප්‍රකාශයකි. මෙම බුද්ධි අංශවල දැනුවත් කිරීම අනුව, තම ආරක්ෂක අංශ ඒය දැන සිටි බවද තමන් මේ ගැන දැන නොසිටි බවද මෙතුමන්ලා දැන සිටි බවද විපක්ෂනායකයා පෙන්වමින් ඔහු විසින් කියන ලදී. ඉන්පසුව මාධ්‍යවේදින්ට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේද තමන්ට නොකියා ආරක්ෂක භට පිරිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශය විසින් වැඩිකර දුන් බව සහ තමන් ඒ් ගැන කිසිවක් නොදැන සිටි බවය.
මේ ආකාරයට ආණ්ඩුවේ ආරක්ෂක කටයුතු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බව අනාවරණය වෙද්දී ඒයට විවේචන ගෙන ඒන්නට දැරූ උත්සාහයේදී විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පවා මෙම අනතුරු ඇගවීම නිසා වැඩියෙන් ආරක්ෂා වූ කොටසට අයත් බව අනාවරණය වේ.