Posted on 03.13.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය අද(13) පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට නැවැත්වීම සඳහා පොලීසිය විසින් පාර්ලිමේන්තු මාර්ගයේදී සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබිණි. පසුව සිසුන් ලුහුබැද යමින් පහර දුන් පොලිස් කැරලි මර්දන භටයෝ අ.වි.ශි.බ.ම. කැදවුම්කරු අත්අඩංගුවට ගන්නා ලදී. සිසුන් විසින් කදුලු ගෑස් කැනිස්ටර් නැවත පොලිසිය වෙත එල්ල කරනු දක්නට ලැබිණි. කළ අතර එහිදී පාර්ලිමේන්තු පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.