Posted on 01.16.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් උතුරේ ගං වතුරෙන් විපතට පත්වූ පාසල් පිළිසකර කිරීමට සහ පාසල් උපකරණ ලබාදීමට සංවිධානය කර තිබූ ‘සහෝදර පියාපත්’ වැඩසටහනට ඊයේ(15) ආරක්ෂක අංශවලින් බාධා කර තිබේ.
පසුගිය දෙසැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්විය. එම ජනතාවට ආණ්ඩුව මැදිහත්වී කිසිදු සුබ සාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ කිලිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් පාසල් තුනක් පිළිසකර කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ කටයුතු කර තිබුණි. මෙහිදී විශ්ව විද්‍යාල මට්ටමෙන් එක්රැස් කරන ලද පාසල් උපකරණ තොගයක්ද එම ශිෂ්‍ය ශිස්‍යවන්ට ලබාදීමට නියමිතව තිබී ඇත.
කෙසේවෙතත් ඊයේ එම කටයුතු සිදුකරමින් සිටි සිසුන්ගෙන් ආරක්ෂා අංශ පැමිණ ප්‍රශ්න කර තිබෙන්නේ මේ වැඩපිළිවෙලට අවසරයක් ලබා තිබෙන්නේද යන්නයි. පෙර දැනුම් දී ලබාගත් අවසරයකින් තොරව මෙවැනි කටයුත්තක් කළ නොහැකි බව ආරක්ෂක අංශ පවසා ඇත.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රශ්න කර සිටින්නේ දකුණේ පාසලක මෙවැනි කටයුත්තක් කිරීම සඳහා කිසිදු අවසරයක් ලබාගත යුතු නැති වීමත් යුද්ධය අවසන් කර උතුරට නිදහස ලබාදුන් බව ආණ්ඩුව පවසන උතුරේ පාසලක මෙවැනි කටයුත්තක් කිරීමේදී අවසරයක් ලබාගත යුත්තේ කුමන පදනමකින්ද යන්නයි.