தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා - රුවන් විජේවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා – රුවන් විජේවර්ධන



සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම් උපයෝගි කරගෙන රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ආණ්ඩුව ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

අද (21) දින ස්ථාන 8ක සිදු වු පිපිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අද දින පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය.

මෙම හදිසි තත්ත්වය උපයෝගි කරගෙන විවිධ සංවිධාන තහනම් කිරීමේ දේශපාලන අවශ්‍යතාවක් ආණ්ඩුවට ඇති බව මේ අනුව පැහැදිලි වේ. මේ දක්වා යම් සංවිධාන අන්තවාදී ආකාරයෙන් කටයුතු කර ඇත්නම් ඒවා සම්බන්ධ අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන යුක්තිය ඉටු කිරීමේ පියවරකට ආණ්ඩුව කටයුතු කර නැත. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ පිහිටුවන ලද විවිධ ආගමික හා ජාතික අදහස් පදනම් කරමින් විවිධ ප්‍රචණ්ඩ කටයුතුවලට චෝදනා ලැබූ සංවිධාන ගණනාවක් විය. ඒ සිදුවීම් සම්බන්ධව විධිමත් විමර්ශන සිදුකරන්නට රාජපක්ෂ පාලන සමයේ කිසිදු පියවරක් ගනු නොලැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම සංවිධාන පසුපස සිටි නිසා බවට වත්මන් එ.ජා.ප. ආණ්ඩුවේ නායකයන් විසින් චෝදනා කරන ලදී. එහෙත් එම සංවිධාන පසුගිය කාලයේ විවිධ සිදුවීම් නිර්මාණය කළ අතර ජනමාධය ඔස්සේද විවිධ අන්තවාදී අදහස් ව්‍යාප්ත කරන ලදී. නමුත් ඒ පිළිබද නීතිය ක්‍රියාත්මක කිරීම හරහා යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත. මෙම අවස්ථාවේ ජනාවගේ විරෝධය භාවිත කරමින් ඒවා තහනම් කිරීම දේශපාලන අරමුණකන් සිදුකරන බව පැහිදිලිය.