Posted on 04.22.2019 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
ඊයේ දිවයිනේ ස්ථාන 8කට එල්ල වූ අන්තවාදි ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛයාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.
ඊයේ පැවති මාධය සාකච්ඡාවකදී පොලිසිය පැවසුවේ මරණ සංඛ්‍යාව 207ක් බවය. එහෙත් තුවාලලැබුවන් 450ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එහිදී අනාවරණය විය. මේ අතුරින් අසාධ්‍ය තත්වයේ පසුවූවන් මරණයට පත්ව ඇති අතර ඒ අනුව අද උදයවනවිට මරණ 290ක් වාර්තා විය.