Posted on 01.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නීතිගරුක සමාජයක් බිහිකිරීම උදෙසා වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට හමුදා පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
හමුදා පුහුණුවකින් පුද්ගලයකුට ඍජුව සිටීමට පුහුණුවක් ලබා දෙන බවද පෞරුෂත්වය, නායකත්ව ගුණාංග, නීතියට ගරු කිරීම, විනය සහ හික්මීම ඇතිවන ආකාරයට පුහුණුවක් ලබා දෙන බවත් ඇමතිවරයා පවසයි.
ඊට කිසිවකු බියවිය යුතු නැති බවද එවැනි පුහුණුවකින් නීතිගරුක සමාජයක් බිහිකළ හැකි බව තමන් විශ්වාස කරන බවද සරත් වීරසේකර පවසයි.