Posted on 04.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය මාස 3 කාලය තුළ යාපනය ප්රදේශයෙන් තමිල් ජාතිකයන් 1600ක් යුද හමුදාවට එක්ව සිටින බව යුද හමුදාපති ශවෙන්ද්ර සිල්වා ප්රකාශකර ඇත.
යාපනය යුද හමුදා කඳවුරේ පැවති හමුදා නිලධාරින්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව පවසා ඇත.
තවමත් වෙන්ව යාම සම්බන්ධයෙන් සමහර අදහස් ප්රකාශ වෙන අතර මේ වගේ තත්වයක් ඇතිවීම ගැන අප සතුටු විය යුතුයි’ යනුවෙන්ද හමුදාපතිවරයා පවසා ඇත.
යුද්ධයෙන් පසුව උතුර හා නැගෙනහිර ජනයාගේ අතුරුදන්වීම් සම්බන්ධ ගැටලුව තවමත් විසඳා නැති අතර යුද හමුදාපතිවරයාට යුද අපරාධ සම්බන්ධ චෝදනා එල්ල වී ඇත. ජනයාගේ ඉඩම් අත්පත් කර ගැනීම මෙන්ම ආරක්ෂක හමුදාවලින් තවදුරටත් සිදුවන හිරිහැර අවසන්ව නැති තත්වයකදී තමිල් ජනයා හමුදා සේවයට පැමිණීම ගැන පමණක් සතුටු වීමට සිදුව ඇත.