Posted on 02.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ ගැටුමකට යුද හමුදාවේ නිලධාරියකු ඇතුළු පිරිසක් සම්බන්ධවීමක් පිළිබඳ පරික්ෂනයක් සිදුකරණ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නිල ඇඳුමෙන් සැරසුණු යුද හමුදා නිලධාරියකු සම්බන්ධව වීඩියෝවක් සාමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබීම මේ සම්බන්ධයෙන් යුද හමුදාව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසයි.
විනය ගරුක හමුදාවක් වන යුද හමුදාවේ නිලධාරීන් හෝ සෙසු නිලයින් සිදුකරන විනය විරෝධී ක්‍රියා අනුමත නොකරන බැවින් මෙම සිදුවීමට වගකිව යුතු පුද්ගලයන් අනාවරණය කරගැනීමෙන් පසුව ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් එිහදි ප්‍රකාශ කෙරිණි.
වීඩියෝ දර්ශනවලට අමතරව, දෙපාර්ශවය අතර යම් යම් ආරවුල් සහගත තත්වයක් සිදුව ඇති බවට හෙළි වන නිසා එහි පුර්ණ සිදුවීම සම්බන්ධ පරික්ෂණ කඩිනමින් අදාල පුද්ගලයන් එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.