Posted on 12.29.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නාරාහේන්පිට හමුදා රෝහලේ කාර්ය මණ්ඩලයේ සිය ගණනක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවත් මේ හේතුව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් බස් රථවල නංවාගෙන නොරොච්චෝලෙ නිරෝධායන මධයස්ථානයට පිටමං කරන්නට කටයුතු සූදානම්කර ඇත.
කෙසේවෙතත් මෙම පිරිස පෑලියගොඩ ප්‍රදේශයට ළඟාවීමත් සමග බස්රථ නවතා එහි සිටින ආසාදිත බවට හඳුනාගත් පිරිස වෙන් කිරීමටත් ගිලන් රථවල නංවා ගෙන රෝහල් කරා ගෙනයාමටත් තීරණයකර ඇත.
මේ වනවිට, බස් රථවල නංවා සිටින පැය ගණක් අපහසුවෙන් සිටින කාර්ය මණ්ඩලයේ සිය ගණනක් අතර ගර්භනි මව්වරුන්ද මහත් පීඩා විඳිමින් සිටින බව වාර්තා වේ. ගර්භනී මව්වරුන් මුහුණ දෙමින් සිටින සිය දුෂ්කරතා හමුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික පිරිස් විරෝධය පළකරන විට ප්‍රතිචාරය වී ඇත්තේ එම මවුවරුන් එක්කෝ නිරෝධායනය පිණිස නොරොච්චෝලේ බලා යාම නැතිනම් රෝහල්ගතවීමට ගිලන් රථවල නැගීම යන විකල්ප දෙකෙනේ එකක් තෝරාගැනීමය.
ආරක්ෂක හමුදා කොරෝනා වසංගතය මැදට රාජකාරි පිණිස දැමුවන් ඔවුන්ට නිසි සෞඛ්යාරක්ෂක ක්‍රම හෝ පෞද්ගලික සෞඛ්යාරක්ෂක උපකරණ ලබා නොදීම හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගතව ඇත. සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදු කරමින් ආරක්ෂක වියදම් ඉහළ නැංවුවද ආණ්ඩුව විසින් ආරක්ෂක සේවයේ කාර්ය මණ්ඩලවලට ලබා දී ඇත්තේ සෙසු වෘත්තින්ට වෙනස් නොමැති ඉරණමක් බව මෙයින් පැහැදිලි වේ.