தமிழ்
English
Contact
Saturday 4th May 2019    
අපිත් ලියාපදිංචි කරවන්න, සයිටම් ගැටලුව යළිත් කරළියට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපිත් ලියාපදිංචි කරවන්න, සයිටම් ගැටලුව යළිත් කරළියට!



අනවසරයෙන් පිහිටුවන ලද පෞද්ගලික උපාධි ආයතනයක් වූ  මාලබේ සයිටම්  ආයතනයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචි කිරීම ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සම්පුර්ණ කළ සිසුවියකට ලියාපදිංචිය  ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදී තිබෙන නියෝගයට අනුව තමන්ටද එම අවස්ථාව හිමි විය යුතු බවට අනෙක් සිසුන් 80 දෙනා ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලියාපදිංචිය ඉල්ලා තිබේ. සයිටම් වෛද්‍ය උපාධි පාඨමාලාව සම්පුර්ණ කළ එක සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියාපදිංචිය ලබාදෙන්නේ නම් එම උපාධියම සම්පුර්ණ කර සිටින අනෙක් සිසුන් 80 දෙනාට ද ලියාපදිංචිය අනිවාර්යෙන්ම ලබාදිය යුතු යැයි මාලබේ සයිටම් සිසුහු ප්‍රකාශ කරති.

මේ අනුව රනිල්-මෛත්‍රි හවුල් පාලනය යටතේ සයිටම් ආයතනය අහෝසි කළ බව කීවද එහි පැවැතිම යාවත්කාලීන කිරීමක ආණ්ඩුව යෙදී ඇත.